IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා හෙළි කරයි.

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව නිල සංචිත වත්කම්වල සියයට 0.5 ක සුළු වර්ධනයක් පෙන්නුම් කරයි.

මේ අතර නිල සංචිත වත්කම්වල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031 ක් දක්වා සියයට 0.7 කින් 2025 පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස් ඇත.

 



අදහස් (0)

විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site