විමුක්ති එස්. රුද්‍රිගු
රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස 5 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත්, එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 18.2 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ පළමු මාස 5 දී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 2,567.5 ක මුදලක් මෙරටට එවා තිබිණි. එසේම පසුගිය මැයි මාසයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 629.3 ක මුදලක් මෙරටට එවා තිබුණු අතර එය 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 17.9 ක වර්ධනයකි. 2024 වසරේ මැයි මාසයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 544.4 ක මුදලක් එවා තිබිණි.
විදේශගත ලාංකිකයන්ගෙන් පළමු මාස පහට ඩො.බි. 3.1 ක්