IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුල්ලංකා රු.මි. 225 කට SAFE Power හි සියයට 30ක් මිලදී ගනී

භානුක අමරසිංහ 

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම Arinma Power පෞද්ගලික සමාගමට අයත් SAFE Power International හි සියයට 30ක කොටස් හිමිකාරීත්වයක් මිලදී ගත් බව පවසයි. පසුගිය නොවැම්බර් 14 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 225 ක් බව විදුල්ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.  


මෙම SAFE Power International  පෞද්ගලික සමාගම සතුව පුත්තලම දිස්ත්‍රික්කයේ ආලන්කුඩාහි ඉදිකරන මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා වන අනුමැතිය සහ ගිවිසුමක් පවතින බව සඳහන් වෙයි. ඒ අනුව මෙම ආයෝජනය විදුල්ලංකා සමාගම සිය පුනර්ජනනීය බලශක්ති කළඹ තවදුරටත් පුළුල් කරගැනීමේ කටයුත්තේ ක්‍රමෝපායික අවස්ථාවක් බවද පවසා සිටියි.



අදහස් (0)

විදුල්ලංකා රු.මි. 225 කට SAFE Power හි සියයට 30ක් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site