IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


විදුල්ලංකා පීඑල්සී 3MWp මාතර සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ අරඹයි

භානුක අමරසිංහ 


මෙරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම මාතර කඹුරුපිටියේ ඉදිකරන 3MWp ධාරිතාවකින් යුත් මාතර සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළ බව පවසයි.
එම සමාගමේ පූර්ණ පරිපාලිත සමාගමක් ලෙස ස්ථාපිත කෙරුණු මාතර සෝලාර් පවර් (පෞද්) සමාගම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම බලාගාරය මගින් 5.5GWh  විදුලිබලයක් උත්පාදනයට බලාපොරොත්තු වන අතර, එය ජාතික පද්ධතිය වෙත එක් කරන බවත් සමාගම පවසයි. මේ හරහා ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්ක වෙත සහ තිරසාර අරමුණු වෙත සහාය දක්වන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

විදුල්ලංකා පීඑල්සී 3MWp මාතර සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site