IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය

නිමල කොඩිතුවක්කු

දැනට ක්‍රියාත්මක විදුලිබල පනත යළි සලකා බැලීම⁣ට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(2) කොළඹදී පැවසීය.

2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුව විසින් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමට පියවර ගනු ලැබ ඇත.

ඒ අනුව, දැනුම් හුවමාරු සැසි පැවැත්වීමටත්, අදහස් හා යෝජනා ලිඛිතව ලබා ගැනීමටත් කටයුතු කර ඇති අතර, පාර්ශ්වකරුවන් 59 දෙනකු  අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කර තිබේ.
ඊට අමතරව, විදුලි බල ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලබන සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වවලින් ද අදහස් ලබා ගෙන ඇත.



අදහස් (0)

විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site