IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


විදුලි සේවකයන් මණ්ඩලය නම්කරන සමාගම්වලට

විමුක්ති එස් රුද්‍රිගු

නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ සඳහන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවැසුවේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් කැමැති සමාගමකට අනියුක්ත විය නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල පනත යටතේ ආරම්භ කරන නව සමාගම් හතර වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පෞද්ගලික සමාගම, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පෞද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පෞද්ගලික සමාගම සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පෞද්ගලික සමාගම යන සමාගම්ය.

නව සමාගම් හතර රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතිනු ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන යම් සේවකයකු එම සේවකයා අනියුක්ත කර ඇති සමාගමට යාමට කැමැත්තක් නොමැති නම් ඔහුට හෝ ඇයට වන්දි සහිතව විශ්‍රාම ගැනීමේ හැකියාවද පවතින බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

සේවකයන්ට තීරණයක් ගැනීමට මාස 2 ක කාලයක් තිබෙන බවද ලංකා විදුලි බල මණ්ඩලය පැවැසුවේය.



අදහස් (0)

විදුලි සේවකයන් මණ්ඩලය නම්කරන සමාගම්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site