විදුලි පිරිවැය මිල සහ සියලු උනන්දු පාර්ශ්වයන් වෙත තරගකාරී මිලට විදුලිය සැපයීම නිවැරදිව තීරණය කිරීම සඳහා වෘත්තීය කළමනාකාරිත්ව සහ සමාජීය පිරිවැය ආකෘතියක් ක්‍රියාත්මක කළ යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණය කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස ක්‍රියාත්මක කළයුත්තේ විදුලිමිලෙහි පිරිවැය අඩුකිරීමක් මිස පිරිවැය ඉහළ දැමීමක් අත්පත් කර ගැනීමට නොවේ.
හැඳින්වීම:
විශාල වශයෙන් පාඩු ලබන රජය සතු ව්‍යවසායවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණය යොදාගැනීම
ආර්ථිකයට විශාල බරක් වී ඇති ඉහළම පාඩු ලබන රජය සතු ව්‍යවසාය තුනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණය යොදා ගැනීම සලකා බලන විට මිල ප්‍රතිසාධනයේ බලපෑම පහත සඳහන් අයුරින් දැක්විය හැකිය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව - මිල ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් පදනම් කරගනිමින් ගණනය කරයි. මේ අනුව ජාත්‍යන්තර මිලට සාධාරණ ලාබ ආන්තිකයක් එකතු කොට, ඒ මත මිල තීරණය වන නිසා පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම පෞද්ගලික තෙල් සමාගම්ද ලාබදායි වෙයි. පාරිභෝගිකයාද රජය මගින් පනවන බදු සහ තීරුගාස්තුවලට පසු තරගකාරී මිලක් ගෙවයි.
එසේම ලංකා විදුලි බල මණ්ඩලයට සපයන නිවැරදි ඉන්ධන මිල තීරණය කිරීම සඳහා තෙල් පිරිපහදුවෙහි විධිමත් කම්හල් පිරිවැයකරණයක් සැලකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. මෙය ඉතා වැදගත්වන්නේ ජලය හිඟවීම සහ තෙල් පිරිපහදුවට ඉන්ධන භාවිතය හේතුවෙන් ඉන්ධන මගින් ජනනය වන විදුලි මිල අඩුකිරීම සඳහා එය අඩුම පිරිවැයක් විය යුතු බැවිනි.
ශ්‍රී ලංකා ගුවන් සේවය - පාඩු ලබන ආයතනයක් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණය ක්‍රියාත්මක කළ නොහැක්කේ පාරිභෝගිකයා මත නොපටවා කාර්යක්ෂම සහ ඵලදායි වියයුතු තරඟකාරී වෙළෙඳපොළ මත පදනම් වූ ආයතනයක් බැවිනි. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණය මෙයට යොදා ගත නොහැකි අතර, වෙළෙඳපොළ පදනම් වූ මිලකරණයක් යොදාගත යුතුය. එසේම එය කාර්යක්ෂම සහ ඵලදායි කිරීම සඳහා වෙනත් විධික්‍රම යොදා ගතයුතුය.
ලංකා විදුලි බල මණ්ඩලය - ඒකාධිකාරී ආයතනයක් වන බැවිනුත්, ශ්‍රී ලංකාව තුළ තරගයක් නොමැති බැවිනුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණය මේ සඳහා යොදා ගත හැකිය. කෙසේ වුවද, අනෙකුත් දකුණු ආසියානු රටවල් විශේෂයෙන් ඉන්දියාව සමග සැසඳීමේදී ලංකාවේ මිලගණන් බොහෝ වැඩි සහ සමහර විට දෙගුණයකට වඩා වැඩිය. මෙය ප්‍රධාන වශයෙන් ආර්ථිකයට වැදගත් දායකත්වයක් සපයන කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයේ පාර්ශ්ව දේශීය සහ අපනයන වෙළෙඳපොළ නිෂ්පාදන කටයුතුවලදී ඉතාමත් තරගකාරී නොවන තත්වයකට ඇද දමයි. මෙය ආර්ථිකයට අහිතකර බලපෑමක් වේ. තවද ඉහළ මිලකට විදුලිය භාවිතය හේතුවෙන් දැරියහැකි මිලගණන් බලාපොරොත්තු වන සමාජය විශේෂයෙන් ගෘහස්ත පාරිභෝගිකයන්ගේ අවස්ථා වසා දමයි. මේ නිසා උනන්දු පාර්ශ්ව සහ පාරිභෝගිකයන්ට වඩාත් තරගකාරී විදුලි මිලක් ලබාදීම සඳහා විධිමත් පිරිවැයකරණය, පිරිවැය වාර්තා පවත්වා ගැනීම, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව මූලිකව වැදගත් වෙයි.
ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජූලි - දෙසැම්බර් කාලපරිච්ඡේදය තුළ විදුලි මිල සංශෝධනය සඳහා පහත දැක්වෙන හේතු ඉදිරිපත් කරන ලදී.
මේවා සෑම මිල සංශෝධනයකදීම පොදුවේ දැක්වෙන හේතු වන අතර, තිරසාර විසඳුම් නොවේ.
සමාජයද ඇතුළුව උනන්දු පාර්ශ්වවලට දැරිය නොහැකි මිලක් ප්‍රතිඵලය ලෙස ඇතිකරමින් නියඟයක් ඇති වූ විට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවීම නිසා අද අපි පිරිවැය අවම කිරීමේ පරාජිත සටනක යෙදී සිටිමු. මෙම ඉහළ මිල ප්‍රධාන වශයෙන් තරගකාරී නොවන තත්වයකට පත්කිරීම මගින් කර්මාන්ත සහ සේවා මත අහිතකර ලෙස බලපාන අතර, ඉහළ මිල හේතුවෙන් සමාජයේ පහළ ස්ථරයකට විදුලි භාවිතය අහිමි කරන තත්වයක් ඇති වෙයි.
02. පිරිවැය ගිණුම්කරණ ක්‍රමවේද සහ ප්‍රමිති යොදා ගැනීම
ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණය මූල්‍ය ගිණුම්කරණමය මුළු පිරිවැය පිළිබිඹු කරන අතර, එක් එක් බලාගාරය, සම්ප්‍රේක්ෂණය සහ Central Electricity Regulatory Commission and The Central Authority of India වැනි අනෙකුත් සමාගම් අතරබෙදාහැරීම ඇතුළුව එක් එක් ක්‍රියාකාරකම් සඳහා පිරිවැය වාර්තා පවත්වා ගැනීම අනිවාර්ය කෙරෙන ඉන්දියාවේ මෙන් පිරිවැය ගිණුම්කරණ ක්‍රමවේද සහ ප්‍රමිති අනුගමනය නොකරන බව නිරීක්ෂණය වී ඇත.
දැරියහැකි මිලකට විදුලිය නොලැබෙන්නේ නම් ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබාදෙන කර්මාන්ත සහ සේවා ඇතුළු උනන්දු පාර්ශ්වයන්ගේ විදුලි භාවිතය අවහිර වනු ඇත.
එම නිසා ඒකාධිකාරී මිල මගින් පාලනය වන ශක්තිමත් මණ්ඩලයක් නොව, තරගකාරී කර්මාන්තයකට සමාන වියයුතු කාර්යක්ෂම මෙන්ම අඩු පිරිවැය සහිත තත්වයක් ලබා ගැනීමට විදුලිබල කර්මාන්තය සඳහා පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් සඳහා විධිමත් පිරිවැය ගිණුම්කරණයක් සහ ගිණුම්කරණ වාර්තා අත්‍යාවශ්‍ය වේ. එසේ නොවුණහොත් ආර්ථිකයට එහි බලපෑම වනුයේ රැකියා විරහිත බව සහ දරිද්‍රතා මට්ටම් ඉහළයාමයි.
03. කළමනාකරණ සහ සමාජීය පිරිවැයකරණ ආකෘතියක් භාවිත කිරීමෙන් තරගකාරී විදුලි මිල සඳහා කළමනාකරණ පිරිවැයකරණ මෙවලම් ‘Target Costing’ භාවිත කිරීම
කළමනාකරණ ගණකාධිකරණය ‘Target Costing’ ( ඉලක්ක පිරිවැය) නම්වු වැදගත් කළමනාකරණ පිරිවැයකරණ මෙවලමක් යොදාගනියි. මෙමගින් පාරිභෝගිකයා අපේක්ෂිත මිල වටිනාකම් යෝජනාව පිළිබඳව අවබෝධ කරගැනීම සඳහා වෙළෙඳපොළ පාරිභෝගිකයන්ගේ දැක්ම එක්රැස්කර ගනියි. ඒ අනුව අපගේ අසල්වැසි රටවල සිදුවන්නාක් මෙන් එය බලවත් අවශ්‍යතාවක් වන අතර, සම්පූර්ණ විදුලි අංශයම කාර්යක්ෂම කිරීමක් වනු ඇත. එසේම එය උනන්දු පාර්ශ්වයට හිතකර එකක්ද වේ.
සමාජීය පිරිවැයකරණය දරිද්‍රතා මට්ටමෙන් ආදායම් මට්ටම් සහ දැරියහැකි ජීවන තත්වය වෙතට යොමු වෙයි. රජය තිරසාර ව්‍යවසායකත්වයන් සහතික කළයුතු අතරම පොදු ජනයාගේ දෛනික ජීවිතයට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබාගත හැකි බවටද සහතික විය යුතුය. එම නිසා විදුලි මිලෙහි දැරිය හැකි බව මෙම කාණ්ඩයේ ජනයාට අතිශයින් වැදගත් වේ. සමාජීය පිරිවැයකරණය යටතේ පිරිවැය ගිණුම්කරණ ප්‍රමිති යොදා ගැනීමෙන් ව්‍යවසායවලට පොදු ජනයා සඳහා දැරියහැකි පිරිවැයකට භාණ්ඩ හා සේවා නිපදවීමට හැකියාව ලැබේ.
උදාහරණයක් ලෙස භාණ්ඩයක මිල සියයට 10ක ලාබයක් සහිතව රු. 100/- නම් එහි පිරිවැය රු. 90/-ක් වේ. මෙය සේවක පිරිවැය, ද්‍රව්‍ය පිරිවැය, සෘජු සහ වක්‍ර පිරිවැය වශයෙන් වටිනාකම් දාමය හරහා පැතිරවිය යුතුය. ද්‍රව්‍ය පිරිවැය සියයට 80ක් නම් එය රු. 72/- නොඉක්ම විය යුතුය. එය පිරිවැය තුළ පවත්වා ගත යුතුවේ. එම නිසා අපට ඉලක්ක පිරිවැය සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුවේ. එසේ නොමැතිව කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ උනන්දු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් නොකරන මුළු ප්‍රතිසාධන පිරිවැය පදනම මත නොවේ.
එම නිසා අප ඉලක්ක පිරිවැය අනුගමනය කරන්නේ නම් ඒ අනුව පිරිවැය කපා හරිමින් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ළඟාවීමට හැකියාව ලැබේ.
04. විදුලි කර්මාන්තය සඳහා ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගත කිරීම
පෙරදී ජාත්‍යන්තර ආයතන මගින් පෙන්වා දී ඇති පරිදි විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන්කරමින් විදුලි කර්මාන්තය කාර්යක්ෂම සහ ඵලදායි කිරීම සදහා රජය වහාම ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහකරණය ක්‍රියාත්මක කළ යුතුය. මේ සඳහා වෙනමම ක්‍රියාත්මක වන රජය සතු සමාගම් තුනක් ස්ථාපිත කළ යුතු අතර, අඩුම පිරිවැය මෙහෙයුම් සඳහා පිරිවැය ගිණුම්කරණ මූලධර්ම, ප්‍රමිතීන් සහ වාර්තා පවත්වා ගැනීම කළ යුතු අතර, වෙනම පිරිවැය ගිණුම්කරණ දෙපාර්තමේන්තු මගින් දැඩි අධීක්ෂණයක් පවත්වා ගතයුතුය.
විශේෂයෙන් විදුලි ජනනයේදී පිරිවැය එහි සාරය වෙයි. වෙනස් පිරිවැය යටතේ විදුලි ජනනයේ විවිධ වර්ග එනම් ජල විදුලි බලාගාර, කුඩා ජල විදුලි බලාගාර, ගල් අඟුරු සහ ඉන්ධන මගින් තාප විදුලිය, සූර්ය බල සහ සුළං මගින් පුනර්ජනනීය විදුලිය වශයෙන් විදුලිබල මණ්ඩලයට සහ ස්වාධීන විදුලි නිපදවන්නන්ට අයත් වර්ග රැසක් පවතී. ඉහළ මිලක් සහිත නිෂ්පාදනයට ජලවිදුලි අංශය සහනාධාරයක් වන අතර, තාප විදුලිය අධික ඉන්ධන මිල සහ රජයට ගෙවිය යුතු තීරුබදු සහ ඛනිජතෙල් සංස්ථාවට ගෙවිය යුතු ඉහළ මිල නිසා ඉහළ පිරිවැයක් දරයි. ජලය නොමිලේ ලැබෙන බැවින්, අඩුම විදුලිය ජල විදුලිය නිසා අප ඒ සඳහා උනන්දු විය යුතු අතර, ඊළඟට සුළං සහ සූර්ය බලයට යා යුතුය. ගල් අඟුරු සහ මාරක ඉන්ධන වෙත බැලිය යුත්තේ අවසානයටය.
එම නිසා විදුලි කර්මාන්තය සඳහා පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් සොයා ගැනීම පහසු දෙයක් නොවන නමුත්, අපගේ අසල්වැසි රටවල කරන්නාක් මෙන්, පිරිවැය ගිණුම්කරණ ක්‍රමවේදයක් සහ ප්‍රමිති යොදා ගැනීමෙන් කාර්යක්ෂම තරගකාරිත්වයක් අත්පත් කර ගතහැකි අතර, කර්මාන්ත, සේවා සහ පාරිභෝගිකයන්ට තිරසාර පදනමකින් යුත් දැරියහැකි මිලක් ලබා ගත හැකි වෙයි.
චක්‍රීය ජවය (Power Wheeling) යනු තවත් යෝජනා ක්‍රමයකි. මෙමගින් කර්මාන්තකරුවන්හට සහ වෙනත් ලොකු පාරිභෝගිකයන්ට වෙනත් ප්‍රදේශයක විදුලිබලය තරගකාරී ලෙස නිපදවීමට හැකි අතර, එය විදුලිබල මණ්ඩලයට ලබාදී තම පාරිභෝජනය හිලව් කර ගත හැකිය.
පුනර්ජනනීය බලශක්තිය - සූර්ය තාපය සහ සුළං යන අංශ දෙකෙන්ම සමන්විත වන අතර, මිල පමණක් නොව විශ්වසනීයත්වය වැදගත් සාධකයක් වන තැනකට ගෙන යා හැකි මෙම ව්‍යාපෘතිය වේගවත් කිරීම අවශ්‍යය. නිරන්තරයෙන් විදේශ විනිමය ගලායෑමට දායක වෙමින් ඉන්ධන මත තාප විදුලි මිලගණන් ගණනය කරනු වෙනුවට මෙම වැදගත් ව්‍යාපෘතිය සඳහා කිසි විසඳුමක් ලබා දී නොමැත. තවද පිරිවැය සහ කළමනාකාරිත්ව ගිණුම්කරණ මිලකරණයකින් සත්‍ය පින්තූරයක් ලබා දෙන හොඳ ගනුදෙනුකරුවකු මේ සඳහා සිටිය යුතුය.
05. පිරිවැය සහ කළමනාකාරිත්ව ගිනුම්කරණ මෙවලම් සහ ප්‍රමිති ක්‍රියාත්මක කිරීම
බලශක්ති අංශය වැනි විශාල ඒකාධිකාරී කර්මාන්තයක පිරිවැයෙන් සියයට 80කට වැඩි ද්‍රව්‍ය පරිභෝජනයක් ඇති සහ එනිසාම විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා ගැනීම තුළ මුළු පිරිවැය මත නොව එක් එක් බලාගාර සඳහා පිරිවැය ගණනය කළයුතු පිරිවැය දෙපාර්තමේන්තුවක් නොමැතිවීම කණගාටුදායක කරුණකි. පවත්වා ගනු ලබන සියලු පිරිවැය වාර්තා පරීක්ෂා කිරීමත් ස්ථාපිත ප්‍රමිති සමග අකාර්යක්ෂමතා, නාස්තිය සහ සෘණ විචලන මතුකර දක්වමින් පද්ධති, ක්‍රියාපටිපාටි සහ ප්‍රමිති සමග අනුකූලත්වය සහතික කිරීමත් කෙරෙන පිරිවැය විගණනයක් සිදුකිරීම තුළ මෙය තවදුරටත් වලංගු වේ. මෙම පිරිවැය විගණනය විදුලිබල මණ්ඩලයේ බලාගාර මෙන්ම විදුලිබල මණ්ඩලය සමග බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විදුලි බලය සපයන පෞද්ගලික බලාගාර සඳහාත් යොදා ගත යුතුය.
විදුලි කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය අත්පත් කර ගැනීම සඳහා කළමනාකාරිත්ව ගිණුම්කරණ මෙවලම් ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලය මගින් පවත්වා ගනු ලබන තොග සැපයුම් ලෙජර් ගිණුම් සහ මූල්‍ය ගිණුම් වාර්තා පිරිවැය ගිණුම්කරණ වාර්තා සමග සංසන්දනය කළ යුතුය.
06. විදුලි කර්මාන්තයේ ප්‍රධාන පිරිවැය ධාවකය ඉන්ධන පිරිවැය වේ
වර්තමානයේ බලශක්ති පිරිවැය විදුලි ජනන පිරිවැයෙන් සියයට 80කි. ඉන්ධන පිරිවැය විදුලිබල මණ්ඩලයේ මෙන්ම පෞද්ගලික තාප ක්‍රියාවලියේද ප්‍රධාන පිරිවැය ධාවකය වේ. මිල වැඩිවීමට හේතූන් වන්නේ නියඟය පවතින විට තාප බලාගාර පාවිච්චි කිරීමට සිදුවීමයි.
මිල සූත්‍රයේදී මිලවැඩිවීමේ විචල්‍ය අංගය ඉන්ධන බව පෙනේ. එම නිසා රජයේ සහයෙන් විදුලිබල මණ්ඩලය උනන්දු පාර්ශ්වවලට සාධාරණ මිලක් ලබා දිය යුතු අතර, එම මිල වැඩි කිරීම සාධාරණ මෙන්ම කර්මාන්තය, වාණිජ්‍යය සහ සමාජය අවුල් නොකරන බව සහතික කිරීමට විචල්‍ය මිල ගැලපුම් ගාස්තුවක් (පරිභෝජනය කරනු ලබන ඉන්ධන මත තීරු ගාස්තු සහ බදු සඳහා ගැලපුමක්) ලබා ගත යුතුය. එම නිසා අවසන් විදුලි මිල තීරණය කිරීම මත වන විචල්‍ය තීරුගාස්තු සහ බදු සමග සෘජු ආනයනිත මිලට ඉන්ධන සපයන බව සහතික කරමින් රජයට බලශක්ති අංශයට සපයන ඉන්ධනවල මිල පාලනය කිරීමට හැකි වෙයි. විදුලි කර්මාන්තය කාර්යක්ෂම සහ ඵලදායි කරමින් පැරණි බලාගාර ඉවත්කොට පුනර්ජනනීය අංශය සියයට 70ක් හෝ ඊට වැඩියෙන් පුළුල් කිරීමෙන් විදුලි කර්මාන්තය ප්‍රතිව්‍යුහගතකරණය සහ ප්‍රතිසංස්කරණය කරන තුරු මෙය ස්ථිර කාල පරිච්ඡේදයකට පමණක් විය යුතුය.
07. මුදල් අමාත්‍යාංශය සඳහා අමාත්‍යාංශ ලේකම් මට්ටමේ ප්‍රධාන පිරිවැය සහ කළමනාකාරිත්ව
ගිණුම්කරණ උපදේශක වැනි ව්‍යුහයක් නිර්මාණය කිරීම
කළමනාකාරිත්ව ගිණුම්කරණ ආකෘතියක් සහ සමාජීය පිරිවැය ගිණුම්කරණ ආකෘතියක් අවධාරණය කරමින් පිරිවැය සහ කළමනාකාරිත්ව ගිණුම්කරණය යොදා ගැනීම සඳහා රාජ්‍ය ගිණුම් කමිටුවට (PAC) සහ පොදු ව්‍යාපාර කමිටුවට (COPE) සහය දැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ලේකම් මට්ටමේ ප්‍රධාන පිරිවැය සහ කළමනාකාරිත්ව ගිණුම්කරණ උපදේශක වැනි ව්‍යුහයක් නිර්මාණය කිරීමට යෝජනා කරමු.
ඉන්දියාව ඇතුළුව දකුණු ආසියානු රටවල මුදල් අමාත්‍යාංශය යටතේ අමාත්‍යාංශ ලේකම් මට්ටමේ ප්‍රධාන පිරිවැය සහ කළමනාකාරිත්ව ගිණුම්කරණ උපදේශකයකු සිටින බව නිරීක්ෂණය වී ඇත. මෙවැනි උපදේශකයකුට රජයේ, රාජ්‍ය සංස්ථාවල, විදුලිය, ජලය වැනි පොදුපහසුකම් මිල තීරණය කිරීම ආදියේදී දැඩි පිරිවැය පාලනයකට සහය විය හැකිවන අතර වැදගත් පාර්ලිමේන්තු කමිටු දෙකක් වන පොදු ව්‍යාපාර කමිටුව සහ රාජ්‍ය ගිණුම් කමිටුව ශක්තිමත් කිරීමටද හැකි වනු ඇත.
ශ්‍රී ලාංකීය වෘත්තීය කළමනාකාරිත්ව ගණකාධිකාරී ආයතනයක් වශයෙන් 2009 වර්ෂයේදී පාර්ලිම්න්තු පනතක් මගින් ස්ථාපනය කළ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාරිත්ව ගණකාධිකාරීවරුන්ගේ ආයතනයට අවශ්‍ය පිරිවැය සහ කළමනාකාරිත්ව ගිණුම්කරණ මෙවලම් සහ පිරිවැය සහ කළමනාකාරිත්ව ගිණුම්කරණ ප්‍රමිති ආකෘතිගත කළ හැකි අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය නිපුණ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තිකයන් පුහුණුකරමින් නිර්මාණය කළහැකිය.
එසේම මෙය සමාජයට සේවා සපයන සියලු ව්‍යාපාරික ආයතනවලට පිරිවැය ගිණුම්කරණ මෙවලම්, පද්ධති, ක්‍රියාපටිපාටි, ප්‍රමිති යොදා ගැනීමට අනුබලයක් වන අතර මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන පිරිවැය සහ කළමනාකාරිත්ව ගිණුම්කරණ උපදේශකගේ අධීක්ෂණය යටතේ දැරියහැකි මිලකට භාණ්ඩ සහ සේවා සැපයීමට සහයක්ද වෙයි.
අවසානය:
බලශක්ති අංශයේ පිරිවැයකරණය සහ මිලකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විනිවිදභාවය සහ වගවීමෙන් පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් සමග කළමනාකාරිත්ව සහ සමාජීය පිරිවැය ආකෘතියක් ක්‍රියාත්මක කිරීම මෙම අර්බුද අවස්ථාවෙන් ගොඩඒම සඳහා කර්මාන්ත, සේවා සහ සමාජයට සහය වනු පිණිස වේගයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ මතය වේ.
එම නිසා ඉහතින් සාකච්ඡා කළ පරිදි වෘත්තීය පිරිවැය සහ කළමනාකාරිත්ව ප්‍රවේශය ශ්‍රී ලංකාවේ රැකියා නැත්තවුන් සහ දරිද්‍රතා මට්ටම වැඩි කරන ආර්ථිකයට සහ සමාජයට දැඩි බලපෑමක් වන පිරිවැය ප්‍රතිසාධන මිලකරණය ක්‍රියාත්මක කිරීමට පෙර මූලික විය යුතු සහ ඉටුකළ යුතු එකක් වේ.
විදුලි පිරිවැය මිල තීරණයට ආකෘතියක්