IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


වෛද්‍ය සෙන්තිල්වර්ල් කාර්ගෝ බෝට් හිමිකාරිත්වය ඉහළ නංවා ගනී

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ තවත් කොටස් 5,304ක් මිලදී ගන්නට සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි. සම්පත් බැංකුව හා එක්ව පවත්වාගෙන යන ගිණුම හරහා එම සමාගම මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. 

මෙහිදී අගෝස්තු 29 වැනිදා සිදුකළ ගනුදෙනු අටක් යටතේ මෙම කොටස් මිලදී ගෙන ඇතැයි සඳහන් වෙයි. රුපියල් 192ත් - රුපියල් 200ත් අතර වටිනාකම් යටතේ මෙම කොටස් ගනුදෙනුව සිදුව ඇත.

මෙම මිලදී ගැනීම සිදු කරන අවස්ථාව වනවිටත් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගම සතුව, කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී කොටස් 1,797,971ක් තිබූ බව පවසයි. එය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් 18,031,995 අතරින් සියයට 9.97කි. අලු‍තින් මිලදී ගත් මෙම කොටස් ප්‍රමාණයත් සමගින් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සතු කොටස් ප්‍රමාණය 1,803,275ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 10.0 ක ප්‍රතිශතයකි. මෙම සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගම මෙරට ප්‍රකට ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් මහතාට අයත් සමාගමකි. 

 



අදහස් (0)

වෛද්‍ය සෙන්තිල්වර්ල් කාර්ගෝ බෝට් හිමිකාරිත්වය ඉහළ නංවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site