IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වඩාත් පුළුල් ආපදා අවදානම් රක්ෂණ ක්‍රමයක් රටට අවශ්‍යයි

 

  • රට තුළ සාමාන්‍ය රක්ෂණ  සමාගම් 14ක් පැවතියත්  ආපදා රක්ෂණ සැලසුම්  ඇත්තේ සමාගම් 09ක පමණයි
  • අදාළ ක්ෂේත්‍ර වෙත ගැළපෙන   රක්ෂණ සැලසුම් ක්‍රමවේද  හඳුන්වාදීමේ ඇති  වැදගත්කම අවධාරණය කෙරේ
  • රක්ෂණයට ඇතුළත් නොවූ  සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසාය  රැසක්ම අධි-අවදානම් කලාපයේ
  • ජාතික ස්වාභාවික ආපදා  රක්ෂණ ප්‍රතිපත්තිය (NNDIP)  ක්‍රියාත්මක වූ මුල් වසර දෙකකදී  රුපියල් බිලියන 7.12ක  රක්ෂණ වන්දි ගෙවලා
 
භානුක අමරසිංහ
මෙරට කෘෂිකර්මාන්තය ඇතුළු කර්මාන්ත මෙන්ම අඩු-ආදායම් ලබන කුටුම්භවල ආරක්ෂාව වෙනුවෙන් වඩාත් පුළුල් සහ වැඩි අවදානම් ප්‍රමාණයක් ආවරණය කරන ආපදා අවදානම් රක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බව මුදල් අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාව සඳහා වන ජාතික මූල්‍ය ක්‍රමෝපාය (2025 - 2030) ඉදිරිපත් කරමින් එම අමාත්‍යාංශය මෙම කරුණු සඳහන් කරයි.
 
“දැනටමත් ශ්‍රී ලංකාව තුළ ආපදා අවදානම් රක්ෂණයක් පැවතියත්, ප්‍රතිසංස්කරණය කෙරුණු සහ වඩාත් වැඩි අවදානම් ප්‍රමාණයක් ආවරණය වන පුළුල් වූ රක්ෂණ ක්‍රමයක් අවශ්‍යයි. විශේෂයෙන්ම කෘෂිකාර්මික සහ අඩු ආදායම් කුඩුම්භ වෙත මෙය වැදගත්.” 
ඒ අනුව මෙම ආපදා අවදානම් රක්ෂණ ක්‍රමය හරහා ස්වාභාවික සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ආපදා හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම මගහැරවීමට හැකියාව ලැබෙන බව මෙම වාර්තාව පෙන්වා දෙයි. එසේම මේ හරහා වඩාත් ඉක්මණින් යථාවත්වීම සුරක්ෂිත කිරිම සහ රජය සහ අනතුරට භාජන විය හැකි ප්‍රජාව වෙත පවතින මූල්‍යමය බැඳීම අඩු කළ හැකි වනු ඇති බවත් එහි සඳහන් වෙයි.
 
මෙහිදී ආපදා අවදානම් රක්ෂණ ක්‍රමයක් සඳහා වඩාත් සුදුසු අංශ කිහිපයක් හඳුන්වා දෙන මුදල් අමාත්‍යාංශය, එම අංශ ආපදා හරහා අනතුරට භාජන වීමේ ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් පෙන්වා දෙයි.
 
‘කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සුළු  හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, පොදු යටිතල පහසුකම් සහ ජල සම්පත් සහ වාරිමාර්ග මෙම අංශයි.’
මේ අතරින් කෘෂිකර්මාන්ත අංශය තුළ රටෙහි ජනගහනයෙන් හතරෙන් පංගුවක් සේවයේ යෙදී සිටින බවත්, ඔවුන් නියඟ, ගංවතුර සහ පළිබෝධ උවදුරු වෙත මුහුණ දීමේ හැකියාවක් පවතින බවත් සඳහන් වෙයි. ඒ අනුව මෙම ගොවීන් සඳහා වඩාත් ගැළපෙන ආපදා අවදානම් රක්ෂණ ක්‍රමයක් මගින් ඔවුන්ගේ භෝග හානි වළක්වා ගැනීම, ආදායම් ස්ථාවරත්වය සුරක්ෂිත කිරිම සහ වේගවත් යථාවත්වීමක් ඇති කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්, වර්ෂාපතනය සහ උණුසුම් කාලගුණික තත්ව හා පදනම් කරගත් රක්ෂණ නිෂ්පාදන හරහා වඩාත් දැරිය හැකි සහ බලපෑම් සහගත ආවරණයක් ලබාදිය හැකි බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.
එසේම ධීවර කර්මාන්තය යටතේ ගත් විට වෙරළබඩ ආශ්‍රිතව වාසය කරන ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රධානතම අවදානම් ලෙස සුළිකුණාටු, සුනාමි සහ වෙරළ ඛාදනය හඳුනාගෙන තිබේ. ඒ අනුව ධීවර යාත්‍රා සහ උපාංග හා සම්බන්ධව ඔවුන්ටම ගැළපෙන ලෙස සකස් කළ රක්ෂණ සැලසුමක් මගින් ඇතිවිය හැකි ආර්ථික හානි වළක්වා ගැනීමටත්, මෙවැනි දේශගුණික සංවේදි ක්ෂේත්‍ර තුළ වඩාත් තිරසාර භාවිතාවක් ප්‍රවර්ධනයටද හැකියාව ලැබෙන බව වාර්තාව පවසයි.
 
සංචාරක කර්මාන්තය අතින් ගත්විට ආසන්න වසර කිහිපයේදී ඇති වූ කඩා වැටීම්වලින් පසුව 2024 වසරේදී එය වඩාත් ශක්තිමත් ලෙස යථාවත්වීමක් සිදුව තිබෙන බවත්, ඒ හරහා පසුගිය වසර තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 3.16ක ආදායමක් ඉපැයීමට සමත්ව තිබෙන බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. 
03 වැනි පිටුවට....



අදහස් (0)

වඩාත් පුළුල් ආපදා අවදානම් රක්ෂණ ක්‍රමයක් රටට අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site