IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ලාෆ්ස් ගෑස් වෙතින් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් වෙත රු.මිලියන 153ක ණයක්

භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (පෞද්) සමාගම වෙත රුපියල් මිලියන 153ක් වටිනා කෙටි කාලීන ණය අත්තිකාරමක් ලබාදීමට කටයුතු කරන බව පවසයි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ. 
ඒ අනුව 2026 ජනවාරි 06 වැනි 2026 මාර්තු 05 වැනිදා දක්වා කාලය සඳහා මෙම ණය මුදල ලබා දෙන බව සමාගම පවසයි. මෙහිදී සමාගමේ පවතින සමාගම් අතර පොලී ප්‍රතිපත්තිය යටතේ සියයට 8ක වාර්ෂික පොලියකට එම මුදල ලබාදීමට නියමිතව තිබේ.
මෙය ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (පෞද්) සමාගම වෙත අවශ්‍ය තාවකාලික කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරීමේ අවස්ථාවක් ලෙස සඳහන්ව තිබේ. විශේෂයෙන්ම බලාපොරොත්තු නොවූ සහ පාලනය කළ නොහැකි තත්ව හේතුවෙන් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (පෞද්) සමාගම වෙත මෙම කාලසීමාව සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරීමට නොහැකි වනු ඇතැයිද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (0)

ලාෆ්ස් ගෑස් වෙතින් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් වෙත රු.මිලියන 153ක ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site