IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් අතරට ස්ලිට්හි ආචාර්යවරු හය දෙනෙක්

විමුක්ති එස් රුද්‍රිගු
ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් සියයට දෙකේ ප්‍රතිශතය අතරට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ස්ලිට්) ආචාර්යවරුන් 5 දෙනකු සහ ආචාර්යවරියක් තේරී තිබෙන බව එම ආයතනය ඊයේ (22) ප්‍රකාශ කළේය.
ස්ටැන්ෆර්ඩ්-එල්සිවියර් 2025 ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් සියයට දෙක ශේණිගත කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) නියෝජනය කරමින් මානව ශාස්ත්‍ර හා විද්‍යා පිඨයේ මහාචාර්ය චරිත ජයරුක්, පරිගණක පිඨයේ ආචාර්ය භාග්‍යා නතාලි සිල්වා, මානව ශාස්ත්‍ර හා විද්‍යා පිඨයේ මහාචාර්ය ධනුෂ්ක උදයංග, ඉංජිනේරු පිඨයේ මහාචාර්ය දුෂ්‍යන්ත ජයකොඩි, ඉංජිනේරු පිඨයේ මහාචාර්ය ප්‍රියාන් ඩයස් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළත්ව සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පැවැසුවේය.
මෙමගින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) සිය ගෝලීය පර්‌යේෂණවල ගුණාත්මක බව නැවත නැවතත් තහුවරු කර තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් එම චිශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේය.
ලෝකයේ කීර්තියට පත්වූ ආචාර්යවරයෙක්ගෙන් ඉගෙනීමට ලැබීමෙන් ළමයින් දිරිමත් වන බවත්, කෙදිනක හෝ තමන්ටද මේ තත්වයට පත්විය හැකි බව ඔවුන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පැවැසුවේය. මෙරට වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවන අතරතුර පසුගිය වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රුපියල් බිලියන 1.5 ක බදු ආදායමක් ලබාදී තිබෙන බවද එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේය.
එසේම පසුගිය වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රුපියල් බිලියන 1.2 ක ශිෂ්‍යාධාර මෙරට සිසුන්ට පිරිනමා තිබෙන බවත් ඒ අතර මූල්‍ය අපහසුත තිබෙන සිසුන්ද සිටින බවත් එම විශ්ව විද්‍යාලය පැවැසුවේය.



අදහස් (0)

ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් අතරට ස්ලිට්හි ආචාර්යවරු හය දෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site