භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) තොරව Introduction ක්‍රමවේදය යටතේ අලුතින් සමාගම් ලැයිස්තුගත කිරීම්වලට අදාළව පවතින අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතාව (MPH – Minimum Public Holding) සම්බන්ධ රෙගුලාසිය ලිහිල් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙන බව කොළඹ කොටස් හුවමාරුව සදහන් කරයි.
මෙම ලිහිල් කිරීම හරහා එම හුවමාරුව තුළ Introduction ක්‍රමවේදය යටතේ සිදු කරන ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීම අරමුණ වී තිබේ. මෙම ක්‍රමවේදය පළමුවරට හඳුන්වාදුන්නේ 2000 වසරේදී වන අතර, එම වසරේ ජනවාරි 01 වැනිදා සිට 2012 වසරේ දෙසැම්බර් 31 දක්වා සමාගම් 46ක් මෙම ක්‍රමය යටතේ ලැයිස්තුගත වී තිබේ. කෙසේ වෙතත් 2013 සිට මේ දක්වා සමාගම් 07ක් පමණක් මෙම ක්‍රමවේදය යටතේ ලැයිස්තුගත වී ඇති අතර, අවසන්වරට සමාගමක් ලැයිස්තුගත වූයේ 2020 දීය.
විශේෂයෙන්ම දැනට පවතින ලැයිස්තුගත කිරීමේ රෙගුලාසි යටතේ මෙම අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා සමාගම් මෙම Introduction ක්‍රමවේදය හරහා ලැයිස්තුගතවීමට මැලිකමක් දක්වන බව හඳුනාගෙන තිබේ.
ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීමට CSE නීති ලිහිල් කිරීමට යෝජනා