IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ලුම්බිණි තේ සඳහා ජාත්‍යන්තර සම්මානයක්

(ඩයනා උදයංගනී)

දෙනියාය ලුම්බිණි තේ සමාගම  “උදෑසන තේ වර්ගීකරණය” අංශය යටතේ අන්තර්ජාතික සම්මානයක් හිමිකරගෙන තිබේ

අන්තර්ජාතික තේ ඇකඩමිය මගින් එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වූ “ලීෆීස් සම්මාන 2022”  උළෙලේදී මෙම සම්මානය දිනාගෙන ඇත.

අන්තර්ජාතික ලුම්බිණි තේ සමාගමේ “ලුම්බිණි රන්වන් උදෑසන තේ” නිෂ්පාදනය සඳහා මෙම සම්මානය හිමිවී ඇති අතර මීට පෙරද විවිධ අන්තර්ජාතික ඇගයීම් රැසක් මෙම තේ නිෂ්පාදනය සදහා හිමිවී ඇත.

අන්තර්ජාතික සම්මාන උළෙලකදී මෙරට තේ නිෂ්පාදනයක් දිනාගත් ඉහළම සම්මානය මෙය බව සඳහන් වේ.



අදහස් (0)

ලුම්බිණි තේ සඳහා ජාත්‍යන්තර සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

Our Group Site