IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලබන වසරේදී නවසීලන්තයෙන් සංචාරකයෝ 20,000 ක්

නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 2026 වසරේදී 20,000 ක් දක්වා ඉහළ නංවන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් පවසයි. 
ලෝක සංචාරක දිනය වෙනුවෙන් පසුගියදා කොළඹදී පැවැත්වුණු Sri Lanka Tourism Expo 2025 වැඩසටහන අවස්ථාවේදී ප්‍රධාන දේශනය සිදු කරමින් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව සතු ස්වාභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමයන් සහ ඓතිහාසික ස්ථාන නවසීලන්ත සංචාරකයන් ආකර්ෂණය කරගැනීම අතින් වැදගත් බවත් ඔහු පෙන්වා දී තිබේ. 
 සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2024 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ නවසීලන්ත සංචාරකයන් 11,282 දෙනකු මෙරටට පැමිණ තිබේ. එසේම මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී නවසීලන්තයේ සිට මෙරට වෙත පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 8‍,211 කි.



අදහස් (0)

ලබන වසරේදී නවසීලන්තයෙන් සංචාරකයෝ 20,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site