IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ලෝටස් රිනිවබල් හැටන් ප්ලාන්ටේෂන්ස්හි තවත් සියයට 3.56ක කොටසක් අත්හරී

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවා වන ලෝටස් රිනිවබල් එනර්ජි (පෞද්) සමාගම එම කොටස් හිමිකාරීත්වයෙන් තවත් කොටස් 8,434,450ක් අලෙවි කර දැමූ බව පවසයි.
මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 3.56ක ප්‍රතිශතයකි. පෙරේදා දිනයේදී මෙම අලෙවිය සිදුකර ඇති අතර එක් කොටසක් රුපියල් 29.40ක් බැගින් අලෙවි කර තිබේ. ඒ අනුව ගනුදෙනුවේ වටිනාකම රුපියල් 247,972,830 කි. මෙහිදී දුර්ගා ඉන්ෆ්‍රා (පෞද්) ලිමිටඩ් සමාගම වෙත මෙම අලෙවිය සිදුකර තිබේ. 
මීට පෙර පසුගිය සැප්තැම්බර් 09 වැනිදා ද ලෝටස් රිනිවබල් එනර්ජි (පෞද්) සමාගම හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි කොටස් 11,833,334ක් අලෙවි කළ අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 5 ක ප්‍රතිශතයක් විය. එහිදී කොටසක් රුපියල් 28.50 සිට 38.30ක මුදලකට වෙළෙඳපොළ වෙත එම කොටස් අලෙවි කෙරිණි. 2025 ජුනි මාසය අවසන් වනවිට එම සමාගම තුළ ලෝටස් රිනිවබල් එනර්ජි (පෞද්) සමාගම සතු වූ සමස්ත කොටස් ප්‍රමාණ 179,034,370ක් විය. එය සමස්ත කොටස් අතරින් සියයට 75.85 කි.



අදහස් (0)

ලෝටස් රිනිවබල් හැටන් ප්ලාන්ටේෂන්ස්හි තවත් සියයට 3.56ක කොටසක් අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site