IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ලංකාවේ පරිගණක හිමිකාරිත්වය සියයට 1කින් පහළට

  • පරිගණක සාක්ෂරතාව සියයට 36.4ක් දක්වා පහළට 
  • ඩිජිටල් සාක්ෂරතාව සියයට 64.3ක් දක්වා ඉහළට 

 භානුක අමරසිංහ 


මෙරට නිවාස අතරින් සියයට 19.5ක් සතුව ඩෙස්ක්ටොප් පරිගණයක් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 
2024 වසරේ පළමු මාස හයක කාලය සඳහා වන පරිගණක සාක්ෂරතාව පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සඳහන් කර සිටියි. 
ඒ අනුව මෙය මෙරට සෑම නිවාස පහක් අතරින් එකක් සතුව ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ. 
කෙසේ වෙතත් මෙම ප්‍රතිශතය 2023 වසරේ මුල් මාස හයේදී පැවැති සියයට 20.5 හා සැසඳීමේදී සියයට 1ක පහත වැටීමකි. 2022 දී එය සියයට 22.1 ක් ලෙස සටහන් විය. 
මෙහිදී නාගරික නිවාස අතරින් සියයට 36.6ක් සතුව ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින අතර, ග්‍රාමීයව එය සියයට 16.8 කි. වතු නිවාස ආශ්‍රිතව එය සියයට 1.5කි. කෙසේ වෙතත් 2023 වසරේ මුල් මාස හයේදී වතු නිවාස ආශ්‍රිතව එය සියයට 4.7ක් විය. 
පළාත් අනුව බැලූ විට වැඩිම ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් හිමිකාරිත්වයක් සහිත පළාත වන්නේ බස්නාහිර පළාතයි. එය සියයට 31.1කි. අඩුම ප්‍රතිශතය හිමි පළාත වන්නේ සියයට 11.5 ක් වන උතුරු මැද පළාතයි. 
මේ අතර 2024 වසරේ පළමු මාස හයක කාලය තුළදී මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 36.4ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් එය 2023 වසරේ වාර්තා වූ සියයට 39.5 හා සැසඳීමේදී සියයට 3.1ක අඩුවීමකි. 
මෙහිදී නාගරිකව මෙම පරිගණක සාක්ෂරතාව සියයට 48.2ක් ලෙසත්, ග්‍රාමීයව සියයට 34.9ක් ලෙසත් වතු ආශ්‍රිතව සියයට 16.3ක් ලෙසත් සටහන්ව තිබේ. 
එසේම පිරිමින් අතර එය සියයට 38ක් ලෙසත් කාන්තාවන් අතර එය සියයට 34.9ක් ලෙසත් සටහන්ව තිබේ.

 



අදහස් (0)

ලංකාවේ පරිගණක හිමිකාරිත්වය සියයට 1කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site