මෙරට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සමාගමක් වනHikvision Sri Lanka විසින් සංවිධානය කරන ලද Hikvision Skill Quest හි අවසාන මහා තරගය හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි දී පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ලංකාවේ පළාත් 09 ආවරණය කරමින් මාස ගණනාවක් පුරා පැවති වැඩසටහනේ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙරට ආරක්ෂක තාක්‍ෂණික කර්මාන්තයේ දක්ෂ ස්ථාපක (Installers) කාර්මික ශිල්පීන් මෙන්ම ඒකාබද්ධ කරන්නන් රැසක් එක්ව සිටියේය.
මෙවර මෙම තරගාවලියේ ජාතික ශූරතාව සබරගමුව පළාත නියෝජනය කරමින් තරගයට එක් වූ අමිල අමරසිංහ විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු සමස්ත මහා තරගාවලියේ ජයග්‍රාහකයා ලෙස ද අභිෂේක ලැබුවේයග ඔහු මෙම ජයග්‍රහණය හිමි කරගනු ලැබුවේ කර්මාන්ත විශේෂඥයන් විසින් නිර්මාණය කර ඇගයීමට ලක් කරන ලද උසස් ගණයේ තාක්ෂණික අභියෝග මාලාවක් සම්පූර්ණ කිරීමෙන් පසුවය.
සමාගම විසින් වෘත්තීය පුහුණුව පිළිබඳ සුවිශාල සහයෝගයක් Hikvision Skill Quest ඔස්සේ පිරිනමන අතර මෙරට තාක්‍ෂණික ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස සවිබල ගැන්වීම සඳහා සමාගම සතු දැක්ම හා කැපවීම එමගින් ප්‍රදර්ශනය වේ. දිවයින පුරා පවත්වනු ලබන පුහුණු සැසිල සහතික පත්‍ර වැඩමුළුල ප්‍රායෝගික නිෂ්පාදන වින්‍යාසකරණය පිළිබඳ සැසි සහ තාක්ෂණික ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් හරහා ස්ථාපකයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා සමාගම අඛණ්ඩව ආයෝජනය කරයි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා Hikvision Sri Lanka හි ජාතික කාර්යාල කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් වන Hikvision Sri Lanka හි අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ කළමනාකරු වන යසන්ත හෙන්නායක Hikvision South Asia හි අලෙවිකරණ ප්‍රධානී ජෙනී චෙන් යන මහත්ම මහත්මීන් සහ Hikvision Sri Lanka කණ්ඩායමේ සාමාජිකයෝ රැසක් සහභාගි වූහ. වර්තමානය වන විට ජාතික ආරක්ෂණ කර්මාන්ත දින දර්ශනයේ වැඩි දෙනකුගේ අවධානය දිනා ගත් ඉසව්වක් බවට පත්ව ඇති මෙම Hikvision Skill Quest සඳහා ඉහළ විශ්වාසයක් ඔවුන්ගේ පැමිණීම ඔස්සේ එක් විය. එපමණක් නොව, Hik-Tech සන්නාම තානාපතිවරුන් සහ ප්‍රමුඛ තාක්ෂණික බලපෑම්කරුවන් රැසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර එමගින් සමාජ මාධ්‍ය වේදිකාව හරහා තරුණ කාර්මික ශිල්පීන්, සිසුන් සහ පුළුල් තාක්ෂණික ප්‍රජාව අතර ඇති සම්බන්ධය පුළුල් කළේය.
මේ පිළිබඳ අදහස් දක්වමින් Hikvision Sri Lanka හි අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ කළමනාකරු වන යසන්ත හෙන්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂණ තාක්ෂණයේ අනාගතය එහි තාක්ෂණික වෘත්තිකයන්ගේ ශක්තිය මත රඳා පවතින බව Hikvision හි අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට වේගයෙන් විකාශනය වන AIoT තාක්ෂණික භූ දර්ශනය තුළ අඛණ්ඩ ඉගෙනීම තවදුරටත් විකල්පයක් නොවෙයි. මෙම අවස්ථාව වෙත සහභාගී වූ විනිශ්චයකරුවන් සහ අපගේ පුහුණු ප්‍රජාව ඇතුළු සියලු දෙනා විසින් පෙන්වන ලද උද්‍යෝගය සහ අඛණ්ඩව කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ඔවුන් දක්වන කැපවීම අපි බෙහෙවින් අගය කරනවා.”
ලංකාවේ තාක්ෂණික ආයතන සවිබලගන්වමින් Hikvision Skill Quest සාර්ථකව