IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්

ව්‍යාපෘතිය හරහා ඩිජිටල් සේවා සහ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂාවයි


භානුක අමරසිංහ


ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට සහාය වීම සඳහා වන ඩොලර් මිලියන 50 ක ව්‍යාපෘතියක් ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ බව පවසයි. “ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය“ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශයේ නවෝත්පාදන හා ආයෝජන ප්‍රවර්ධනය කරනු ඇති කිරීම අපේක්ෂාව බව ලෝක බැංකුව සඳහන් කරයි. 
එසේම මේ හරහා රජයේ සේවා නවීකරණය කරනු ඇති අතර, එම සේවාවලට ප්‍රවේශ වීම පහසු කරවීම මෙන්ම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට වඩාත් සුදුසු ප්‍රතිචාර දක්වනු ඇතැයි විශ්වාස කරන බවත් ලෝක බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙම ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, රජයේ සේවා සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට රජයේ ආයතන හරහා දත්ත බෙදා ගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩා කිරීම සඳහා ඩිජිටල් ලොකරයක් සහ ඉල්ලු‍ම වැඩි වන විට පරිමාණය කළ හැකි රජයේ ක්ලවුඩ් වේදිකාවක් ඇතුළුව ප්‍රායෝගික, ජනතා කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු සමූහ කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් මහතා, 
“ඩිජිටල් පරිවර්තනය යනු සියලු‍ දෙනා ඇතුළත් වූ වර්ධනයක් සහ වඩා හොඳ සේවා සඳහා වැදගත් අවස්ථාවක්. මූලික ඩිජිටල් වේදිකා සහ කුසලතා සඳහා ආයෝජනය කිරීමෙන්, මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට සහ ව්‍යාපාරවලට සේවා ලබා දෙන ආකාරය වැඩිදියුණු කරමින්, පෞද්ගලික අංශය ප්‍රමුඛ නවෝත්පාදන සඳහා නව අවස්ථා නිර්මාණය කරාවි.”‍ යනුවෙන් පවසයි.



අදහස් (0)

ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site