ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන සෙන්ට්‍රම් මරීන් කන්සල්ටන්සි ආයතනය, ලාංකික සිසුන් 5 දෙනකුට MISC සමූහය යටතේ ක්‍රියාත්මක වන අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම නාවික ඇකඩමිය වන මැලේසියාවේ Akademi Laut Malaysia (ALAM) ර්ණ පිරිවැය ආවරණය කරන වටිනා ශිෂ්‍යත්ව 5ක් ලබා ගැනීමට පහසුකම් සලසා දෙන ලදී-
MISC සමූහය බලශක්ති ආශ්‍රිත (තෙල් සහ ගෑස්) නාවික විසඳුම් සපයන ගෝලීය ප්‍රමුඛයා වන අතර Petroliam Nasional Berhad (Petronas) එහි ප්‍රධාන කොටස් හිමියා වේ.
ALAM නාවික ඇකඩමිය විසින් ශිෂ්‍යයන් බඳවා ගැනීමේ නිල හවුල්කරුවකු ලෙස සෙන්ට්‍රම් මරීන් ආයතනය පත් කර ඇති අතර මෙමගින් ගෝලීය නාවික ශ්‍රම බලකායට බැඳීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ අනාගතය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නාවික අධ්‍යාපන සහ වෘත්තීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වෙයි.
ALAM ඇකඩමිය වෙතින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ නාවික පුහුණුව, උසස් ඉගෙනුම් පරිසරයන් සහ ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය මාර්ග වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙයි. සෑම ශිෂ්‍යත්වයක්ම මැලේසියානු රිංගිට් 157,500 ක් වටිනා වන අතර ශිෂ්‍යත්ව 5 ආසන්න වශයෙන් රුපියල් මිලියන 56 කට සමාන වේ. මෙය ශ්‍රී ලාංකික සිසුන්ට ලබා ගත හැකි වටිනාම ජාත්‍යන්තර නාවික අධ්‍යාපන අනුග්‍රාහකත්වයන්ගෙන් එකකි. පූර්ණ අරමුදල් සපයන මෙම ශිෂ්‍යත්ව යටතේ උපකාරක පන්ති, නවාතැන්, ආහාර, ඉගෙනුම් පහසුකම් සහ ජාත්‍යන්තර රැකියා මග පෙන්වීම ඇතුළු සියලු සේවා සම්පූර්ණයෙන්ම ආවරණය වේ.
මෙම ශිෂ්‍යත්ව ලබා ගත් සිසුන් අධ්‍යයන කුසලතා, විනය, ශාරීරික යෝග්‍යතාව සහ නාවික වෘත්තියක් සඳහා සමස්ත යෝග්‍යතාව තක්සේරු කරන දැඩි බහු-අදියර තේරීම් ක්‍රියාවලියකට භාජන විය. ALAM ඇකඩමිය විසින් සෘජුවම පවත්වන ලද මාර්ගගත විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වීමෙන් පසු, ශ්‍රී ලාංකික සිසුන් පස් දෙනකු සමුද්‍ර ඉංජිනේරු ඩිප්ලෝමා වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදී. මෙම ශිෂ්‍යත්වලාභීන් වන්නේ හම්බන්තොට ප්‍රදේශයෙන් කුමාරසිංහ මුදියන්සේලාගේ අනුහස් බුද්ධික, ගම්පහ ප්‍රදේශයෙන් මොහොමඩ් ලහිර් මොහොමඩ් සෆ්රාස්, පතිරන්නැහේලාගේ දොන් සහන් ලහිරු දේශප්‍රිය පතිරණ, විතානගේ ඉඳුවර දිනෙත් සහ නුවරඑළියෙන් රත්නායක මුදියන්සේලාගේ සංජන කවිෂාන් රත්නායක යන අයයි.
ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් වූ පසු, MISC සමූහය විසින් කළමනාකරණය කරනු ලබන යාත්‍රා පිළිබඳ වසරක අභ්‍යන්තර පුහුණු අදියරක් ඔවුන් අනුගමනය කරනු ඇත. මෙමගින් ඔවුන්ට III ශ්‍රේණියේ නාවික ඉංජිනේරුවන් බවට පත්වීමට සහ අවසානයේ ජාත්‍යන්තර යාත්‍රාවල ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු තනතුරු කරා නැගීම සඳහා පැහැදිලි ප්‍රගති මාර්ගයක් සහිත එන්ජින් කැඩෙට්වරුන් ලෙස ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට ඉඩ සලසයි.
ලාංකික නාවික වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීමට සෙන්ට්‍රම් මරීන් වෙතින් ALAM ශිෂ්‍යත්ව පහසුකම්