IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


ලොකු වෙනසක් තිබ්බෙ නෑ - නාවල නේෂන් සෙරමික් හිමිකරු කේ. ශිවනේෂන්

ඉදිකිරීම් කර්මාන්තය යනු රටක වඩාත් කැපීපෙනෙන ක්ෂේත්‍රයකි. ඉදිකිරීම් කර්මාන්තය සඳහා සිමෙන්ති, කම්බි, තීන්ත, ටයිල්, ලී, විදුලි බල්බ, සිවිලිම් උපකරණ ආදී එකී මෙකී නොකී සියල්ල අත්‍යාවශ්‍යය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට නැතුවම බැරි නාන කාමර උපාංග සහ ටයිල් අලෙවිසැලක් වු නාවල නේෂන් සෙරමික් වෙත අපි ගොඩ වූයෙමු. එහිදී හිමිකරු වූ කේ. ශිවනේෂන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

බිස්නස් අඩු වෙන්න හේතුවක්නම් හරියට හිතාගන්න බෑ. හේතු ගොඩක් ඒකට බලපානවා. එක හේතුවක් තමයි අවුරුද්ද ඉවර වුණ ගමන් නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒ වගේම තව හේතුවක් තමයි බඩු මිල එක පාරම වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්සු බයයි අලු‍ත් වැඩවලට අතගහන්න. මොකද ඉදිකිරීම් ක්ෂේත්‍රය කියන්නේ සුළුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

Q:මේ දිනවල බිස්නස් කොහොමද? 

නානකාමර උපාංග ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ තමයි අපි විකුණන්නේ. අවුරුදු 20 ක් මම බිස්නස් කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක් අඩුයි. ලොකු වෙනසක් තිබ්බෙ නෑ අවුරුදු සීසන් එකේ කියලත්. පාරිභෝගිකයෝ එන්නේ හරිම අඩුවෙන්. 

Q:බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න හේතුවක්නම් හරියට හිතගන්න බෑ. හේතු ගොඩක් ඒකට බලපානවා. එක හේතුවක් තමයි අවුරුද්ද ඉවර වුණ ගමන් නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒ වගේම තව හේතුවක් තමයි බඩු මිල එක පාරම වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්සු බයයි අලු‍ත් වැඩවලට අතගහන්න. මොකද ඉදිකිරීම් ක්ෂේත්‍රය කියන්නේ සුළුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

තව හේතුවක් තමයි මේ තියන තරගකාරිත්වය. අපි මේ බිස්නස් පටන් ගත්ත මුල් කාලේ නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැල් හරිම අඩු ගණනක් තිබ්බේ. දැන් බලන බලන හැමතැනම මේ වගේ අලෙවිසැල්. ඒ නිසා අපිට තියන තරගකාරිත්වය වැඩියි. පාරිභෝගිකයෝ විසිරිලා යනවා හැම තැනටම. ඒ නිසා බිස්නස් අඩුයි. බඩු මිල වැඩි නිසානම් බිස්නස් අඩු වුණා කියන්න බෑ. බඩු මිල අඩුවෙලා තියෙන්නේ. වෙනදට වඩා ගොඩක් අඩුයි. ගිය අවුරුද්දෙ තිබ්බ මිල ගණන්වලට වඩා මිල අඩුයි. මිල අඩුවෙලා නෙමෙයි අපි මිල අඩු කරලා තියෙන්නේ. බිස්නස් අඩු වෙද්දි අපි අපේ ලාබය ගැන නොසිතා බඩු මිල අඩු කරනවා. එහෙම කරලත් පාරිභෝගිකයෝ එන්නේ නෑ. ඒ නිසා අපිට බිස්නස් නෑ.

 ශෂිකා අබේරත්න
ඡායාරූප-ජයමාල් ජන්ද්‍රසිරි



අදහස් (0)

ලොකු වෙනසක් තිබ්බෙ නෑ - නාවල නේෂන් සෙරමික් හිමිකරු කේ. ශිවනේෂන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site