IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ලංකා විදුලි බල මණ්ඩලය බැංකු තුනකින් රු.බි.33.5ක ණයක් ගනී

  • මණ්ඩලය සතු ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහයෝගයක්

භානුක අමරසිංහ

ලංකා විදුලි බල මණ්ඩලය මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක එකතුවකින් රුපියල් බිලියන 33.5ක ණයක් ලබා ගෙන ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව සම්පත් බැංකුවේ මූලිකත්වයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුවේ එකතුවෙන් මෙම ණය මුදල ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදී තිබේ. 

එම මණ්ඩලය සතු ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහ දැනට සිදු කරගෙන යන මෙහෙයුම් සඳහා සහයෝගයක් ලෙස මෙන්ම රට වෙත වඩාත් විශ්වාසනීය බලශක්තියක් අඛණ්ඩව ලබාදීම සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම ණය මුදල ලබාදුන් බව එම බැංකු පවසයි.

මෙම ණය මුදලට පිරිනැමීමේ අවස්ථාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් මූල්‍ය කළමනාකරු නිහාල් ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී වසන්ත එදුසූරිය, අධ්‍යක්ෂ අසංක පාලමකුඹුර, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ව්‍යුහාත්මකමූල්‍ය සහ ආයතනික බැංකුකරණ උප සභාපති ලක්ෂාන් වන්නිආරච්චි, පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධාකරී ගයන්ත ද සිල්වා සහ සම්පත් බැංකුවේ සාංගමික මූල්‍ය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී කුසල් ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධවී තිබේ.



අදහස් (0)

ලංකා විදුලි බල මණ්ඩලය බැංකු තුනකින් රු.බි.33.5ක ණයක් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site