IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලංකා බිස්නස් ටී .වී .’’ව්‍යවසායකයා ’’ රත්නපුර ව්‍යාපාරික ආයෝජන සමුළුවට ඉහළ ප්‍රතිචාර

ලංකා බිස්නස් ටී.වී. “ව්‍යවසායකයා“ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා ව්‍යවසායකයන් 400 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අයුරින් රත්නපුර ග්‍රෑන්ඩ් සිල්වරේ හෝටලයේදී පැවැත්වුණි. 

මෙහිදී අදහස් දැක්වූ ලංකා බිස්නස් ටී.වී. නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ මහතා පැවසුවේ, කොළඹින් පිට මෙතරම් ව්‍යවසායකයන් පිරිසක් සහභාගී වෙමින් මෙරට පවත්වන ජනප්‍රියම ව්‍යාපාරික සමුළුව බවට මෙය මේ වනවිට පත්ව තිබෙන බවයි. මෙම සමුළුවෙන් සැබෑ ලෙස ඔවුන්ගේ ව්‍යවසායක දිවිය ශක්තිමත් කිරීමට දැනුම ලබාදෙන හෙයින් “ව්‍යවසායකයා“ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ජනප්‍රියතාව දිනෙන් දිනම වැඩිවෙමින් තිබෙන බව කෝවිලගොඩගේ මහතා පැවසීය. 

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ඩිජිටල්කරණ අභියෝගවලට මුහුණ දෙමින් ව්‍යාපාරික අවස්ථා උදකර ගන්නේ කෙසේද යන මැයෙන් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ හිටපු සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සිදුකළ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීතිඥ යානක යමිත්‍ර රණවීර, එන්.ඩී.බී. වෙල්ත් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් පෙරේරා, CEO උපදේශක සහ පුහුණුකරු ආචාර්ය රනිල් සුගතදාස යන මහත්වරු අනිකුත් දේශන සිදුකළහ. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පමණක් නොව දුර බැහැර ප්‍රදේශවලින් පවා මෙම සමුළුවට සහභාගී වීමට සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි අතර, ඔවුන් සඳහන් කළේ ඔවුන් බලාපොරොත්තු වූ ව්‍යාපාරික සහ ආර්ථික දැනුම මෙමගින් ලැබුණු බවයි. 

මෙම සමුළුවට සහභාගී වූ අයකුට බැංකොක් නුවරට ගොස් නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ අවස්ථාවද හිමිවුණා.



අදහස් (0)

ලංකා බිස්නස් ටී .වී .’’ව්‍යවසායකයා ’’ රත්නපුර ව්‍යාපාරික ආයෝජන සමුළුවට ඉහළ ප්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site