IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු

නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා


 

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයෙන් ලංකා බැංකුවේ පුළුල් සේවා ජාලය කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය මෙන් ම උත්සව සමයේ දී සිය ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවා සැපයීමට ලංකා බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.

2025 අප්‍රේල් 1 වැනි දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ ගනුදෙනු 3,236,318 ක් සිදු කර ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 13.57 කි. එමෙන් ම අදාළ කාල සීමාව තුළ ලංකා බංකුවේ 568ක් වූ ATM ජාලය හා 932 ක් වූ CRM  ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ගනුදෙනු 9,173,642ක වටිනාකම රුපියල් බිලියන 211.97 ක් ලෙස වාර්තා වී ඇති අතර, 2025 අප්‍රේල් 7 වැනි දින සිට 12 වැනි දින දක්වා, ලංකා බැංකු ශාඛා 658 හරහා සිදු කෙරුණු ගනුදෙනු 961,966ක මුළු වටිනාකම රුපියල් බිලියන 440.48කි. 

“ලංකා බැංකුවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ දිවයින පුරා ව්‍යාප්තිය නිසා ම ඩිජිටල් සහ භෞතික යන ක්‍රමවේද ද්විත්වය හරහා ගනුදෙනු පරිමාව කළමනාකරණය කරමින් ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී මෙන් ම කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ හැකියාව තිබෙනවා.” යනුවෙන් මේ පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site