භානුක අමරසිංහ
ලංකා බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 15ක අරමුදල් රැස් කරගැනීමකට සූදානමින් සිටින බව පවසයි.
ඒ අනුව බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි පස් අවුරුදු ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සැලසුම් කර තිබේ. ලබන මැයි 15 වැනිදා මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතව ඇත.
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කරන බව ලංකා බැංකුව පවසයි. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10 කි.
මෙම නිකුතුවට හිමි වන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීමටද බැංකුව සැලසුම් කර තිබේ. ඒ හරහා රැස් කරගන්නා මුදල රුපියල් බිලියන 5 කි.
ලංකා බැංකුවෙන් රු.බි. 15 ක ණයකර නිකුතුවක්