දෙනියාය විශේෂ – එස්.ඩී. කොඩිකාර
දෙනියාය, පල්ලේගම නගරයේ ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට නවීන බැංකුකරණ අත්දැකීමක් ලබා දෙමින්, ලංකා බැංකුවේ නවතම CRM යන්ත්‍රය විවෘත කිරීම ඉකුත්දා සිදු කෙරිණි.
පල්ලේගම නගරයේ ස්ථාපනය කරන ලද මෙම නව CRM යන්ත්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ලංකා බැංකු දකුණු පළාත් සහකාර මහ කළමනාකරු රංජිත් රුවන්පතිරණ, දකුණු පළාත් මෙහෙයුම් කළමනාකරු තනොජ් ද සිල්වා, මාතර බටහිර ප්‍රදේශ කළමනාකාරිනී නදීකා හේමමාලි, කොටපොල ප්‍රාදේශීය ලේකම් දම්සර කරුණාජීව, කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ චමින්ද ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ ගනුදෙනුකාර භවතුන් බොහෝ පිරිසක් එක්ව සිටියහ.
මෙම නවීන පහසුකම හරහා ප්‍රදේශයේ ජනතාවට තම දෛනික බැංකු කටයුතු වඩාත් පහසුවෙන් ඉටු කර ගැනීමට හැකි වන අතර, බැංකු ශාඛාවට පැමිණීම සඳහා ගතවන කාලය මෙන්ම ගමන් වියදම් ද ඉතිරි කරගනිමින් විශ්වසනීය සේවයක් අඛණ්ඩව ලබා ගැනීමට අවස්ථාව උදා වේ.
විශේෂයෙන්ම පල්ලේගම ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවට, ගොවි ජනතාවට සහ ස්වයංරැකියාවල නිරතවන්නන්ට තම මූල්‍ය හා ව්‍යාපාරික කටයුතු පුළුල් කර ගැනීමට මෙම නව CRM යන්ත්‍රය මහඟු රුකුලක් වනු ඇතැයි බැංකු බලධාරීහු විශ්වාසය පළ කරති.
ලංකා බැංකුවෙන් දෙණියාය පල්ලෙගමට C.R.M යන්ත්‍රයක්