IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක්

නිමල කොඩිතුවක්කු


ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙනස් වන පාරිභෝගික ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම පිණිස සහ බැංකු ක්ෂේත්‍රයේ තරගකාරිත්වය පවත්වා ගැනීම පිණිස ඩිජිටල්කරණ හැකියාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ලංකා බැංකුව විසින් හඳුනාගෙන තිබේ. 
එබැවින්, ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ප්‍රශස්ත කරණය සහ ඩිජිටල් පරිවර්තනයට සහාය වන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවා සපයා ගැනීම පිණිස, සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත තොරතුරු තාක්ෂණ ආයතනයක් එම බැංකුවට අනුබද්ධිතව පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ලංකා බැංකුවේ මිනිස් බල අවශ්‍යතා සපුරාලීම සඳහා 1992 දී පිහිටුවන ලදුව 2007 වසරේදී මෙහෙයුම් කටයුතු අත්හිටුවනු ලැබ ඇති ලංකා බැංකු කළමනාකරණ සහ සහාය සේවා (පුද්ගලික) සමාගම (BOC Management and Support Services (Pvt) Lid.), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබ ඇති කොන්දේසි වලට අනුගතව ලංකා බැංකු තොරතුරු තාක්ෂණ විසඳුම් (පුද්ගලික) සමාගම (BOC IT Solutions (Pvt) Ltd.) නමින් ලංකා බැංකුවේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස පිහිටු වීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site