IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


ලංකා බැංකුව සර්වාගමික වතාවත්වලට මුල් තැන දෙමින් නව වසරේ වැඩ අරඹ​ා

ලංකා බැංකුව, නව වසර වෙනුවෙන් සියලු‍ ම පාර්ශ්වකරුවන් ඇතුළු දෙස් විදෙස් ලාංකික සැමට ආශිර්වාද පැතීමේ අරමුණ පෙරදැරිව සර්වාගමික වතාවත්වලට මූලිකත්වය ලබා දෙමින් 2026 වසරේ වැඩ ආරම්භ කළේය. 
නව වසර සැමරීම වෙනුවෙන් නිල වශයෙන් පැවැත්වුණු උත්සවය 2026 ජනවාරි 01 දින ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දී සභාපති කාවින්ද ද සොයිසා සහ නාමනය කරන ලද ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආර්. එම්. එන්. ජීවන්ත, නියෝජ්‍ය මහා කළමනාකරු (ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන) ජී. ඒ. ජයශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 මෙම අවස්ථාවට ගනුදෙනුකාර භවතුන්, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම සුවිශේෂී උත්සවයේ දී ලංකා බැංකුවේ My Sri Lanka ස්ථාවර තැන්පතු ගිණුම නව මුහුණුවරකින්, ප්‍රතිලාභ රැසක් සහිතව නැවත එළිදැක්වීම ද සිදු කෙරිණි.
වසර 86 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව සුවිශේෂී මෙහෙවරක නිරත ව සිටින ලංකා බැංකුව, බැංකුකරණයෙන් ඔබ්බට ගොස් ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 660කට අධික ශාඛා ඇතුළු ව 2,400කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් 2025 වසරේ ලංකාවේ වටිනා ම සන්නාමය ලෙසත්, 2025 SLIM KANTAR සඟරාව විසින් 2025 වසරේදීත් ලොව හොඳ ම බැංකු 1000 අතරට නම් කෙරුණි.



අදහස් (0)

ලංකා බැංකුව සර්වාගමික වතාවත්වලට මුල් තැන දෙමින් නව වසරේ වැඩ අරඹ​ා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site