IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ලංකා බැංකුවේ රු. බි. 20ක තිරසර බැඳුම්කරය අද විවෘත කෙරේ

භානුක අමරසිංහ


ලංකා බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන රුපියල් බිලියන 20ක් වටිනා තිරසර බැඳුම්කර නිකුතුව අද (22) දිනයේදී මිලදී ගැනීම සඳහා විවෘත කරන බව එම බැංකුව පවසයි. මෙය එතෙක් මෙතෙක් මෙරට තුළ සිදු කරන විශාලතම තිරසර බැඳුම්කර නිකුතුව ලෙස සැලකෙයි.
මෙහිදී මූලික නිකුතුව ලෙස බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු. සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි තිරසර බැඳුම්කර කොටස් 100,000,000ක් නිකුත් කෙරේ. එක් තිරසර බැඳුම්කරයක් රුපියල් 100ක් බැගින් මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල රුපියල් බිලියන 10 කි. 
ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් තිරසර බැඳුම්කර කොටස් 50,000,000ක් නිකුත් කෙරෙන අතර, එහි වටිනාකම රුපියල් බිලියන 5කි. එසේම ඊටත් හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් තිරසර බැදුම්කර කොටස් 50,000,000ක් නිකුත් කෙරෙන අතර ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 5කි. ඒ අනුව මෙම තිරසර බැඳුම්කරය හරහා රැස් කිරීමට අපේක්ෂිත සමස්ත මුදල රුපියල් බිලියන 20ක් වෙයි. වසර පහකින් කල්පිරෙන මෙම බැඳුම්කරය Type A සහ Type B ලෙස කාණ්ඩ කර ඇත.



අදහස් (0)

ලංකා බැංකුවේ රු. බි. 20ක තිරසර බැඳුම්කරය අද විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site