IMG-LOGO

2026 මැයි මස 06 වන බදාදා


ලංකා බැංකුවේ මෙවරත් සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 443 ඉක්මවූ අවුරුදු ගනුදෙනු

ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ මිලියන 2.2 කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් කරලා. එහි වටිනාකම රුපියල් බිලියන 12 ඉක්මවලා

ලංකා බැංකුවේ 1500 ඉක්මවූ ATM හා CRM ජාලය හරහා කෙරී ඇති ගනුදෙනු සංඛ්‍යාව මිලියන 11 කට අධිකයි. එම ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 231 ඉක්මවලා


ලංකා බැංකුව, 2026 වසරේ සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 443 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසූ අතර, සිය පුළුල් සේවා ජාලය කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසයට ලංකා බැංකුව ස්තුතිය පුද කර සිටී.

2026 අප්‍රේල් 1 වැනි දින සිට 15 වැනි දින දක්වා කාල වකවානුව තුළ ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ මිලියන 2.2 කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 12 ඉක්මවයි. 

එමෙන්ම අදාළ කාලසීමාව තුළ ලංකා බැංකුවේ 1500 ඉක්මවූ ATM හා CRM ජාලය හරහා පැය 24 පුරා ක්‍රියාකාරීව සිදු කෙරී ඇති ගනුදෙනු සංඛ්‍යාව මිලියන 11 කට අධික වන අතර, එම ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 231 ඉක්මවයි. ඊට අමතරව 2026 අප්‍රේල් 6 වැනි දින සිට 11 වැනි දින දක්වා, දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා 663 හරහා සිදු කෙරුණු සමස්ත ගනුදෙනු වටිනාකම රුපියල් බිලියන 200 කට අධික වේ. එමෙන්ම උත්සව සමය තුළ ගනුදෙනුකාර සත්කාර සේවාව වඩාත් පහසු කිරීම වෙනුවෙන් අප්‍රේල් මස 11 වැනි සෙනසුරාදා, 600 කට ආසන්න ලංකා බැංකු ශාඛා විවෘතව පැවතීම ද සුවිශේෂී වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ලංකා බැංකුව, සිය මෙහෙයුම් විශිෂ්ටත්වය හා දිවයින පුරා ව්‍යාප්තිය නිසාම ඩිජිටල් මෙන්ම භෞතික ක්‍රමවේද ද්විත්වය හරහා ගනුදෙනු පරිමාව කළමනාකරණය කරමින් ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී මෙන්ම කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ හැකියාව තිබෙනවා. 

මෙවර උත්සව සමයේ දී අප සමග බැංකු ගනුදෙනු කිරීම මෙන්ම ඔවුන්ගේ විශ්වාසනීය බැංකු සහකරු ලෙස ලංකා බැංකුව තෝරා ගැනීම පිළිබඳව සියලු‍ම ගනුදෙනුකරුවන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”‍ 

BOC Flex, BOC Smart Pass Book, BOC Smart Online Banking, BOC SmartPay, BOC Connect නියෝජිත බැංකු සේවාව සහ නියෝජිත තැපැල් බැංකු සේවාව ආදී වශයෙන් ඩිජිටල් බැංකු සේවා රාශියක් හඳුන්වා දී ඇති ලංකා බැංකුව, ඒ හරහා ආරක්ෂිත, නම්‍යශීලී එමෙන්ම පැය 24 පුරා බැංකු අවශ්‍යතා සපුරා ගත හැකි සුවිශේෂී සේවාවක් ලබා දෙන අතර, නවෝත්පාදන හරහා සිය ගනුදෙනුකරුවන් වෙත පහසුකම් සපයමින්, අද්විතීය සේවාවක් ලබා දීම වෙනුවෙන් ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වෙයි. 

වසර 86 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක නිරතව සිටින ලංකා බැංකුව, බැංකුකරණයෙන් ඔබ්බට යමින් ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. 

මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත ශාඛා 663ක් ඇතුළුව 2,500කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් 2025 වසරේ ලංකාවේ වටිනාම සන්නාමය ලෙසත්, Brand Finance ශ්‍රේණිගත කිරීම විසින් 2026 වසරේදීත් ලොව හොඳම බැංකු සන්නාම 500 අතරට නම් කෙරුණු එකම ලාංකේය බැංකුව ලෙසත්, 2025 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේදී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙසත් සම්මානයට පාත්‍ර වූ අතර, තවත් දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත. ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනයක් සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.



අදහස් (0)

ලංකා බැංකුවේ මෙවරත් සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 443 ඉක්මවූ අවුරුදු ගනුදෙනු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site