IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලංකා බැංකුව තිරසර බැඳුම්කරයකින් රු. බි. 20ක් රැස් කිරීමට සැරසේ


භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන තිරසර බැඳුම්කර නිකුතුවක් හරහා රුපියල් බිලියන 20ක මුදලක් රැස් කරගැනීම සැලසුම් කර ඇතැයි පවසයි. මෙහිදී මූලික නිකුතුව ලෙස බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු. සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි වසර පහකින් කල්පිරෙන තිරසර බැඳුම්කර කොටස් 100,000,000ක් නිකුත් කිරීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිබේ. එක් තිරසර බැඳුම්කරයක් රුපියල් 100ක් බැගින් මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල රුපියල් බිලියන 10 කි.

මෙම නිකුතුවට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් තිරසර බැඳුම්කර කොටස් 50,000,000ක් නිකුත් කරන බවත් බැංකුව පවසයි. එහි වටිනාකම රුපියල් බිලියන 5කි. එසේම ඊටත් හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් තිරසර බැදුම්කර කොටස් 50,000,000ක් නිකුත් කෙරෙන අතර, ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 5කි. ඒ අනුව මෙම තිරසර බැඳුම්කරය හරහා රැස් කිරීමට අපේක්ෂිත සමස්ත මුදල රුපියල් බිලියන 20ක් වෙයි.



අදහස් (0)

ලංකා බැංකුව තිරසර බැඳුම්කරයකින් රු. බි. 20ක් රැස් කිරීමට සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site