IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


ලංකා-ප්‍රංශ ද්වි පාර්ශ්වික ණය ගිවිසුමට ප්‍රංශ රජය කැමැත්තෙන්

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්වි පාර්ශ්වික ණය ගිවිසුම දෙපාර්ශ්වයටම වාසිදායක අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ඊයේ(19) පැවති හමුවකදී මෙරට ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්වුණ බවත් ශ්‍රී ලංකාව සහ සහ ප්‍රංශය අතර පවතින ද්වි පාර්ශ්වික ණය ගිවිසුම ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව හේරත් මහතා කළ දැනුම්දීමකට පිළිතුරු දෙමින් ප්‍රංශ තානාපතිවරයා මෙම අදහස් පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

 



අදහස් (0)

ලංකා-ප්‍රංශ ද්වි පාර්ශ්වික ණය ගිවිසුමට ප්‍රංශ රජය කැමැත්තෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site