ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ප්‍රදීප් කහවලගේ මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. වාර්ෂික මහා සභා රැස්වීම 2025 අගෝස්තු 26 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
ප්‍රදීප් කහවලගේ මහතා ඉංජිනේරු සහ ව්‍යාපාර නායකත්වය යන දෙකෙහිම විශිෂ්ටත්වය සඳහා ගැඹුරු කැපවීමක් පිළිබිඹු කරන වෘත්තීය සුදුසුකම් ලත් කීර්තිමත් වෘත්තිකයෙකි. ප්‍රදීප් කහවලගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් MBA උපාධිය හා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාරවරයෙකි. ඔහු වරලත් ඉංජිනේරුවෙක් ලෙසද කටයුතු කරයි. ඔහු Ind-Expo Certification Limited ආයතනයේ සමාගමේ අධ්‍යක්ෂවරයකු, ඉංජිනේරු ආයතනයේ ආයතනික සාමාජිකයකු, ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ සාමාජිකයකු, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතිකලත් සාමාජිකයකු සහ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු ලෙස සේවය කරයි.
ඔහු රිචඩ්සන් ඉංජිනේරු (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කරයි. දිවයිනේ පැරණිතම කාර්මික මණ්ඩලය වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) මෙම වසරේ දී සිය 65 වන සංවත්සරය සමරනු ලබන අතර එය රටේ පැරණිතම කාර්මික මණ්ඩල වලට වැදගත් සන්ධිස්ථානයකි. එය 1969 අංක 10 දරන පාර්ලිමේන්තු විශේෂ පනතක් මගින් සංස්ථාපිත කරන ලදී.
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපතිත්වයට ප්‍රදීප් කහවලගේ පත් වෙයි