IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ලංකා අශෝක් ලේලන්ඩ්හි Ultra Low Floor AC  බස් රථ නැවතත් මෙරටට

2013 දී මුල්වරට බස් 80ක් හඳුන්වා දුන්නත් දුර්වල ආර්ථිකය නිසා භාවිතයට ගෙන නැහැ 


භානුක අමරසිංහ 


උමේෂ් ගෞතම්


 

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ Ultra Low Floor AC  බස් රථ නැවතත් මෙරට වෙත හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් සඳහන් කරයි.  

නාගරික මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා රජය ගෙන ඇති සංවර්ධන දැක්මටද සමාගම සහාය දැක්වීමක් ලෙස මෙම පියවර ගන්නා බව ඔහු පවසා තිබේ. “මෙම දැක්මට අනුව, අපි අපගේ Ultra Low Floor AC බස් රථ නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා.“ 

2013 වසරේදී මුලින්ම මෙවැනි Ultra Low Floor AC  බස් රථ 80 ක් හඳුන්වාදුන් අතර, ආර්ථික වශයෙන් දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඒවා භාවිතයට නොගත් බව සමාගම පවසයි. 

“කෙසේ වෙතත් දැන් අපි මෙම වාහන නාගරික ප්‍රවාහන ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට පෞද්ගලික ක්‍රියාකරුවන් දිරිමත් කිරීම සඳහා ආකර්ෂණීය මූල්‍ය පැකේජයක් සංවිධානය කරමින් සිටිනවා.” යනුවෙන්ද ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර තිබේ. 



අදහස් (0)

ලංකා අශෝක් ලේලන්ඩ්හි Ultra Low Floor AC  බස් රථ නැවතත් මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site