IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


ලංකා අයිස් ඉන්ඩස්ට්‍රීස් නවතම නිෂ්පාදනාගාරය වැල්ලමඩමේදී විවෘත වේ

 

උණවටුන ඩි.ජී.සුගතපාල, අහංගම සුමතිපාල දීයගහගේ,රත්ගම ගාමිණී මහදුර

සිමාසහිත සවුත්ලංකා අයිස් පෞද්ගලික සමාගමට අනුබද්ධ ලංකා අයිස් ඉන්ඩස්ට්‍රිස්සමාගමේ නවතම අයිස් නිෂ්පාදනාගාරය සමාගමේ සභාපති ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් වැල්ලමඩමේදි පසුගියදා විවෘත කළේය. මෙය එම සමාගමේ 18වැනි අයිස් නිෂ්පාදනාගාර වන අතර නවින තාක්ෂණ උපකරණවලින් සමන්විත ප්‍රථම කම්හල ද වේ. මෙම කම්හලේ දිනකට කිලෝ 50 අයිස් කැට 400ක් පමණ නිෂ්පාදනය කෙරේ. 
මෙම අවස්ථාවට ඕලු‍මරේ සෝමාලංකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නයද සම්පත් විලේගොඩ පියතුමා ඇතුළු පියතුමන්ලාද දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් ශානිකා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් බෝට්ටු හිමියන් ධීවරයන් ඇතුළු පිරිසක් එක්ව සිටිම විශේෂත්වයක් විය.
ඡායාරුපවලින් දැක්වෙන්නේ සමාගමේ සභාපති ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා අයිස් නිෂ්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කළ අයුරු සහ අයිස් කැට නිෂ්පාදනය වී පිටතට පැමිණෙන අයුරුයි.



අදහස් (0)

ලංකා අයිස් ඉන්ඩස්ට්‍රීස් නවතම නිෂ්පාදනාගාරය වැල්ලමඩමේදී විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site