IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


ලංකා අයිඕසී පරිසර හිතකාමී XtraGreen ඉන්ධන හඳුන්වාදීමට යයි

භානුක අමරසිංහ 

ලංකා අයිඕසී සමාගම මේ වසරේදී මෙරටට පරිසර හිතකාමී XtraGreen ඩීසල් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි පවසයි. මේ හරහා මෝටර් රථවලින් සිදුවන කාබන් පියසටහන තවදුරටත් අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි එහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා සඳහන් කරයි. 

2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. 

“ගතවුණු මූල්‍ය වර්ෂයේදී අපි ශ්‍රී ලංකාව වෙත XP100 ප්‍රීමියම් ඔටෝ ඉන්ධන හඳුන්වා දුන්නා. එහි තවත් පියවරක් ලෙස මේ වසර තුළදී XtraGreen ඩීසල් දියත් කිරීමට සැලසුම් කරනවා.“ 

මෙම XtraGreen ඉන්ධන හරහා කාබන් විමෝචනය අඩු කිරීමට අමතරව වඩාත් දියුණු ධාවන අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත ලබාදිය හැකි වනු ඇතැයිද ඔහු පවසයි.  ලංකා අයිඕසී හි මව් සමාගම වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ඉන්දියාව තුළ මෙම XtraGreen ඩීසල් ඉන්ධන හඳුන්වාදුන්නේ 2021 දීය. සාමාන්‍ය ඩීසල්වලට වඩා මෙම ඩීසල් සතුව ඇති අඩු සල්ෆර් සංයුතිය හේතුවෙන් එය වඩාත් පරිසර හිතකාමී බව සමාගම පවසයි. 

සමාගමට අනුව මෙම ඉන්ධන භාවිතයෙන් එම සෑම ඉන්ධන ලීටරයකින්ම පිටවන කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය ග්‍රෑම් 130 කින් අඩු කළ හැකිය. 

 



අදහස් (0)

ලංකා අයිඕසී පරිසර හිතකාමී XtraGreen ඉන්ධන හඳුන්වාදීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site