IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


රවීන්ද්‍ර එදිරිසිංහ ලාෆ්ස් ගෑස් - ලාෆ්ස් පවර් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ 


ලාෆ්ග් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රවීන්ද්‍ර ප්‍රභාත් එදිරිසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මැයි 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කරගෙන තිබේ. එසේම ඒ මහතා මීළඟ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙසද නම් කරගත් බව සමාගම් සඳහන් කරයි. වත්මන් සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා ලබන මැයි 28 වැනිදා එම ධුරයෙන් සමුගැනීමත් සමගින්ම එදිරිසිංහ මහතා එම   ධුරයට පත්වනු ඇතැයි සඳහන් වෙයි. එදිරිසිංහ මහතා වසර 28කට අධික කාලයක් පුරා දේශීය මෙන්ම බහුජාතික සමාගම්හිද, ෆෝර්චූන් 500 සමාගම්හිද ප්‍රධාන විධායක නිලධාරී සහ ඉහළ මට්ටමේ   තනතුරු දරා තිබේ.



අදහස් (0)

රවීන්ද්‍ර එදිරිසිංහ ලාෆ්ස් ගෑස් - ලාෆ්ස් පවර් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site