භානුක අමරසිංහ
මෙරට මෝටර් රථ රියදුරන් සිදු කරන මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති Demerits හෙවත් දඩුවම් ලකුණු ක්‍රමය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) පවසයි.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය එක්ව සිදු කළ විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් එහි සභාපති ලසිත විමලරත්න මහතා මේ බව සඳහන් කළේය.
එහිදී විශේෂයෙන්ම දියුණු රටවල බොහෝ මෝටර් රථ අනතුරු අඩු වීම සඳහා රථ වාහන රක්ෂණය සහ මෙම දඩුවම් ලකුණු ක්‍රමය හේතු වී තිබෙන බව ඒ මහතා පැවසුවේය.
“මේ Demerits ක්‍රමය නිසා එම රටවල රියදුරන් වැරදි කරන්න බය වෙනවා. මොකද දඩුවම් ලකුණු වැඩි වුණොත් ඔවුන්ගේ ඊළග රක්ෂණ වාරිකය ඉතාමත් වැඩි මුදලකින් ඉහළ යනවා.
ඇතැම් විට නැවතත් රක්ෂණයක් ලබා ගන්නත් බැරි වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් මේ දඩුවම් ලකුණු ක්‍රමය හඳුන්වා දෙන්න සූදානමින් සිටින බව අපි දන්නවා. ඒ සඳහා සාමාන්‍ය රක්ෂණ සමාගම් 13 කින් සමන්විත ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම්.“ ඒ මහතා පැවසුවේය.
වාර්තා අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව 2026 වසරේ සිට මෙම දඩුවම් ලකුණු ක්‍රමය හඳුන්වාදීමට නියමිතව සිටියි. එහිදී ආරම්භයේදී සෑම රියදුරු බලපත්‍රලාභියකුටම ලකුණු 24 ක් හිමි වන අතර, අදාළ බලපත්‍රලාභියා විසින් සිදු කරන මාර්ග නීති කඩ කිරීමකදී, වරදේ බරපතළ කම අනුව නියමිත ලකුණු සංඛ්‍යාවක් බලපත්‍රයෙන් අඩු කිරීම සිදු කරයි.
රියදුරු වැරදි සම්බන්ධ Demerits ක්‍රමයට IASL පූර්ණ සහාය
de silva berlin Monday, 12 January 2026 07:47 AM
ලෝකයේ දියුණු රටවල රියදුරෙක්ට අකුෂලතා ලකුණු ලැබුනහම යම්කිසි කාලයක් ගතවෙනකොට එහෙමත් නැතිනම් රියදුරන් නැවත පුනරුත්ථාපනය වීම සදහා අධාල යම්කිසි පාටමාලා හෝ වැඩසටහන් වලට සහභාගී වුනහම එම අකුෂලතා ලකුණු නැවත දත්ත පද්දතියෙන් මැකී යන ක්‍රමවේදයක් තිබෙන , ඔබලාගේ ක්‍රම වෙදෙත් එහෙම දෙයක් තිබෙනවද ? එහෙම නැතිනම් සිදු වෙන්නේ පාරේ ඉන්න පොලිස් නිලධාරීන් පෝසත් වීම සහ මාලිමා රජය ජනතා අප්‍රසාදයට පත්වීම පමණි