IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානය විවෘත කෙරේ

 


සුදත් එස්. කුමාරසිරි


කොත්මලේ රම්බොඩ බ්ලූෆීල්ඩ් තේ සමාගමේ නවතම නිෂ්පාදනයක් වන රම්බොඩ කහට, දීප ව්‍යාප්තව දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමේ අරමුණින් රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානයක් බ්ලූෆීල්ඩ් පරිශ්‍රයේ ආරම්භ කර ඇත.

එම තේ අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම රම්බොඩ කහට තේ අලෙවි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්. කියාෂ්, බ්ලූෆීල්ඩ් කළමනාකර අධ්‍යක්ෂ ආෂික් නිසාර් යන මහත්වරුන් ප්‍රමුඛ තවත් ආරාධිත පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි. මෙලෙස ආරම්භ කරන ලද රම්බොඩ කහට තේ අලෙවි මධ්‍යස්ථානයෙන් තේ පාරිභෝගිකයන් හා අලෙවිකරුවන් ට උසස් වර්ගයේ තේ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දීමට බ්ලූෆීල්ඩ් පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඒ හරහා රම්බොඩ කහට තේ දිවයින පුරා ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වේ.

රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානය පසුගියදා උත්සවශ්‍රීයෙන් විවෘත කළ අවස්ථාව ඡායාරූප වලින් දැක්වේ.



අදහස් (0)

රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site