IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


රොමනි පරාක්‍රම කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

 භානුක අමරසිංහ


කොමර්ෂල් බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස රොමනි පරාක්‍රම පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 11 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය බැංකුවෙහි ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී තිබේ. 
ඇයගේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව ඇති බවත් පවසයි. මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට රොමනි පරාක්‍රම සතුව කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස් 123ක් පවතින බවත් බැංකුව සඳහන් කරයි. වසර 27කට අධික කාලයක් පුරා සමාගම් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකු ආයතනවල අත්දැකීම් සහිත ඇය මීට පෙර සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේද ප්‍රධාන තනතුරු දරා තිබේ. එසේම ඇම්රෝ බැංකුව, ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුව සහ සෝසියේට් ජෙනරල් බැංකුව යන බැංකු තුළද ඇය සේවය කර තිබේ. වර්තමානයේදී ඇය වැලිබල් වන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරයි. 



අදහස් (0)

රොමනි පරාක්‍රම කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site