IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


රමණිකා උනම්බුව එච්.එන්.බී. ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ


හැටන් නැෂනල් බැංකු සමූහයට අයත් බැංකු නොවන මූල්‍ය සමාගමක් වන එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස රමණිකා උනම්බුව මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි.
 ඒ අනුව ජූනි 04 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය මෙලෙස සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ. මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ශ්‍රී ජයවර් ධනපුර විශ්වවිද්‍යාලයේ එම්.බී.ඒ. උපාධිධාරිනියක වන උනම්බුව මහත්මිය වසර 22 ක කාලයක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සේවය කර තිබේ. එහි සේවය කිරීමට පෙරාතුව ඇය කොළඹ පිහිටි ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සාංගමික බැංකුකරණ සබඳතා කළමනාකාරිනිය ලෙසද කටයුතු කර තිබේ.



අදහස් (0)

රමණිකා උනම්බුව එච්.එන්.බී. ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site