IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වෙලා

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් මස 23 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.

මෙම වසරේදී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයක් වාර්තා කර තිබුණත් පසුගිය වසරේ සහ 2023 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ප්‍රතිශතයකින් අධිප්‍රමාණය වී තිබූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 

2023 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 12.1 කින් අධිප්‍රමාණය වී තිබූ අතර පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් සියයට 10.7 ක ප්‍රතිශතයකින් අධිප්‍රමාණය වී තිබිණ. 

 



අදහස් (0)

රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site