IMG-LOGO

2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා


රැපියල් මිලියන 86 කින් ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරවල හදිසි අලු‍ත්වැඩියාවක්

  • නිමල කොඩිතුවක්කු

මත්ස්‍ය හා මුහුදු ආහාර නිෂ්පාදනවල ආහාර සුරක්ෂිතතාව සහ මිල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව සතු ශීතාගාරවල හදිසි පුනරුත්ථාපන හා අලු‍ත්වැඩියාවක්  කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලංකා ධීවර සංස්ථාව සතු මෝදර පිහිටි ශීතාගාර පහසුකම දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම ශීතාගාර පහසුකමක් ලෙස සලකනු ලැබුව ද, පසු ගිය කාලයේදී නිසි පරිදි නඩත්තු නොකිරීමත්, කළමනාකාරණ දුර්වලතාත් හේතුවෙන් මේ වන විට එහි ශීතාගාර අකර්මණ්‍ය තත්වයට පත්ව ඇත.
එබැවින්, මෙට්‍රික්ටොන් 200 ක ධාරිතාවකින් යුත් ශිතාගාරයක් සහ මෙට්‍රික්ටොන් 2.5ක ධාරිතාවකින් යුත් අධි ශීතාගාරයක් කඩිනමින් අලු‍ත්වැඩියා කර භාවිතයට ගැනීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ. එය අලු‍ත්වැඩියාව සඳහා රුපියල් මිලියන 86 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 



අදහස් (0)

රැපියල් මිලියන 86 කින් ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරවල හදිසි අලු‍ත්වැඩියාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site