ජයග්රාහකයකුට රුපියල් මිලියනයක් දක්වා වන සතිපතා සහ මාසික මුදල් ත්යාග
ජාතික QR ගෙවීම් ප්රචලිත කිරීමේ වැඩසටහන සිය ‘වාසනා දිනුම් ඇදීම’ (Lucky Draw) ළඟදීම ආරම්භ කිරීමට සූදානම් වන අතර, එහි පළමු දිනුම් ඇදීම් ඊයේ (27) පැවැත්විණි. ලියාපදිංචියකින් තොරව රට පුරා පැවැත්වෙන මෙම දිනුම් ඇදීමෙන් ගනුදෙනුකරුවන් සහ වෙළෙඳුන් යන දෙපිරිස විසින්ම LankaQR ගෙවීම් දිනපතා භාවිත කිරීම දිරිමත් කිරීම සහ ප්රතිලාභ ලබා දීම අරමුණු කෙරේ.
2026 සැප්තැම්බර් 01 වැනි දින සිට 2027 පෙබරවාරි 28 දක්වා සිදු කරනු ලබන සියලුම ගනුදෙනු මේ සඳහා සුදුසුකම් ලබන අතර, 2026 සැප්තැම්බර් 1 වැනි දින සිට LankaQR භාවිත කර ඇති සෑම පාරිභෝගිකයකුම සහ වෙළෙන්දකුම කිසිදු කරදරයකින් තොරව ස්වයංක්රීයවම මේ සඳහා ඇතුළත් කරගනු ලැබේ.
සහභාගිවන්නන්ට මුදල් ත්යාග වර්ග දෙකක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ.
රු. 5,000 ක සතිපතා දිනුම් ඇදීමේ ත්යාග (සතිපතා ජයග්රාහකයන් 250 දෙනකුට) රු. 1,000,000 බැගින් වන මාසික මහා දිනුම් ඇදීමේ ත්යාග (ජයග්රාහකයන් දෙදෙනකුට), රු. 500,000 බැගින් (ජයග්රාහකයන් දෙදෙනකුට) සහ රු. 250,000 බැගින් (ජයග්රාහකයන් දෙදෙනකුට)
සතිපතා දිනුම් ඇදීම් මගින් ජයග්රාහකයන් 250 දෙනකු (වෙළෙඳුන් 125 ක් සහ පාරිභෝගිකයන් 125 ක්) තෝරාගනු ලබන අතර, මාසික මහා දිනුම් ඇදීම් මගින් ජයග්රාහකයන් හය දෙනකු (පාරිභෝගිකයන් තිදෙනකු සහ වෙළෙඳුන් තිදෙනකු) තෝරාගනු ලැබේ. මෙම මාස හයක කාලය පුරා ලබා දෙන මුළු ත්යාග මුදල රුපියල් 51,000,000 ක් ලෙස ගණන් බලා ඇත.
සුදුසුකම් ලබන සෑම LankaQR ගනුදෙනුවක් මගින්ම (පුද්ගලයාගෙන් වෙළෙන්දාට සිදුකරන ගනුදෙනු සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදුකරන ගනුදෙනු යන දෙවර්ගයම මේ සඳහා සුදුසුකම් ලබයි), අදාළ පාර්ශ්ව දෙකම මෙම දිනුම් ඇදීම් දෙකටම ඇතුළත් වේ. සියලුම ත්යාග මුදල් ජයග්රාහකයාගේ බැංකු ගිණුමට ඍජුවම බැර කරනු ඇත.
යම් මාසයකට අදාළ සියලුම සතිපතා දිනුම් ඇදීම් හතර සහ මාසික දිනුම් ඇදීම ඊළඟ මාසයේදී එකවර පවත්වනු ලැබේ. ඒ අනුව, සැප්තැම්බර් මාසය ආවරණය කරමින් සතිපතා දිනුම් ඇදීම් හතරක් සහ එක් මාසික මහා දිනුම් ඇදීමක් ඔක්තෝබර් 27 වැනි දින සිදු කෙරේ.
මෙම දිනුම් ඇදීමට සහභාගී වන බැංකු සහ LankaPay වෙතින් ලැබෙන ගනුදෙනු දත්ත මත පදනම්ව ක්රියාත්මක වන අතර, GovTech ආයතනයේ සහාය ඊට හිමිවේ. විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සෑම දිනුම් ඇදීමක්ම විශේෂ දිනුම් ඇදීම් කමිටුවක් (Draw Committee) මගින් අධීක්ෂණය කරනු ලැබේ. සෑම දිනුම් ඇදීමක් සඳහාම ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය, ශ්රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අවම වශයෙන් එක් නියෝජිතයකු හෝ සහභාගී වනු ඇත.
රුපියල් මිලියන 51 ක මුදල් ත්යාග 6,000 කට අධික ජයග්රාහකයන් LankaQR ජාතික ‘වාසනා දිනුම් ඇදීම’ ඇරැඹේ