IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


රුපියල් බි. 9ක හේලීස් හිමිකම් නිකුතුවට රු.බි. 11ක ඉල්ලු‍ම්පත්

හේලීස් පීඑල්සී සමාගම පසුගියදා කොළඹ කොටස් හුවමාරුවෙහි සිදුකළ රුපියල් බිලියන 9ක් වටිනා හිමිකම් නිකුතුව සඳහා රුපියල් බිලියන 11කට අධික වටිනාකමින් යුත් ඉල්ලු‍ම්පත් ප්‍රමාණයක් ලැබුණු බව එම සමාගම අනාවරණය කරයි. 
මෙහිදී සමාගම මගින් රුපියල් 200ක වටිනාකමින් යුත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 45ක් (45,000,000ක්) නිකුත් කෙරිණි. කෙසේ වෙතත් කොටස් මිලියන 55.24 ක් (55,243,312ක්) සඳහා ඉල්ලු‍ම්පත්‍ර ඉදිරිපත්ව ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 11.05ක් (11,048,662,400ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙම හිමිකම් නිකුතුව වෙත අධිදායකත්වයක් හිමි වූ බව හේලීස් පීඑල්සී සමාගම පවසයි. කෙසේ වෙතත් මෙම අගයන් සම්බන්ධ බැංකු මගින් සහතික කිරීමක් සිදුකළ යුතුව ඇතැයිද සමාගම සඳහන් කරයි.



අදහස් (0)

රුපියල් බි. 9ක හේලීස් හිමිකම් නිකුතුවට රු.බි. 11ක ඉල්ලු‍ම්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site