IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රේන්කෝ වෙතින් ‘Be by Rainco’ සමග කුඩ කලාවට අලුත් හැඩයක්

 

ශ්‍රී ලංකාවේ කුඩ සහ වැසි කබා ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් වන රේන්කෝල සිය නවතම කුඩ සන්නාමය වන Be by Rainco පසුගිය දා එළිදක්වනු ලැබීය. මෙය නව පරපුරේ පාරිභෝගිකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූවකි. තමන්ගේ ප්‍රියතම විලාසිතාවට ගැළපෙන ආකාරයේ ආකර්ෂණීය මාදිලි රැසක් Be by Rainco හි ඇතුළත්ය. 
උසස්ම ප්‍රමිතියේ කුඩ නිර්මාණය පිළිබඳ ඉහළම පාරිභෝගික විශ්වාසය දිනූ රේන්කෝ අනන්‍යතාවල මෙම නව සන්නාමයෙන් ද එලෙසින්ම ඉදිරිපත් කර ඇත. Be by Rainco යනු පුද්ගල විලාසිතාවේ අංගයක් වූ කුඩයට, කලාත්මක වටිනාකමක් හා නව විසිතුරු බවක් එක් කළ නිර්මාණයකි. 
Be by Rainco යනු කාලගුණයෙන් ආරක්ෂා වීමට එහා ගිය අත්දැකීමක් පාරිභෝගිකයාට තිළිණ කරන සන්නාමයකි. එදිනෙදා පාවිච්චියට ප්‍රයෝජනවත් භාණ්ඩයක් සහ සුන්දර විලාසිතාවක් යන අංග දෙකම සමබරව මේ තුළ දැකිය හැකිය. සරල, චාම් මෝස්තර සමග අපූරු නිර්මාණශීලී බව එක් කළ සුන්දර නිමාවකින් යුතු මෙම නව මාදිලිය, විලාසිතාවලට කැමැති කාටත් එක සේ ගැළපෙන්නකි.



අදහස් (0)

රේන්කෝ වෙතින් ‘Be by Rainco’ සමග කුඩ කලාවට අලුත් හැඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site