IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රත්මලාන ගුවන්තොටේ රැ.මි.3,046.29 ක කොන්ත්‍රාත්තුව Sanken සමාගමට


නිමල කොඩිතුවක්කු


රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 - 09 -17 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කරන ලදුව, ලංසුකරුවන් නව දෙනකු විසින් සිය ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු අදාළ ලංසු ඇගයීමේ කමිටුව හා ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වනSanken Construction (Private) Limited  වෙත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,046.29 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රත්මලාන ගුවන්තොටේ රැ.මි.3,046.29 ක කොන්ත්‍රාත්තුව Sanken සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site