IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රත්‍තරන් ව්‍යාපාරය නව අභියෝගවලට මුහුණදීලා

හෙට්ටිවීදියේ අර්ජුනා ජුවලරි ආයතනයේ හිමිකරු
 ක්‍රිෂ්ණන් මහේන්ද්‍රන්


ව්‍යාපාරික වශයෙන් විශාල වැදගත්කමක් ලබා ඇති ව්‍යාපාරයක් ලෙස රත්තරන් වෙළෙඳාම පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ රත්තරන් අලෙවිය සඳහා ප්‍රසිද්ධිය උසුලන්නේ පිටකොටුව වෙළෙඳ කලාපයේ පිහිටි හෙට්ටිවීදියයි. මෙවර රත්තරන් වෙළෙඳාමේ නවතම තත්වය පිළිබඳව සොයා බැලීමට අපි හෙට්ටිවීදිය බලා ගියෙමු. හෙට්ටිවීදියේ අර්ජුනා ජුවලරි ආයතනයේ හිමිකරු ක්‍රිෂ්ණන් මහේන්ද්‍රන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි. 


මේ දිනවල බිස්නස් කොහොමද? 
මේ දිනවල නම් බිස්නස් ගොඩක් අඩුයි. පසුගිය මාසය ආරම්භයේ සිට රත්‍තරන් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. රත්තරන් මිල රුපියල් 4,20,000 දක්වා වැඩිවුණා. මේ නිසා දවසම වෙළෙඳසල විවෘතව පැවතියත් බිස්නස් තිබුණෙම නැති තරම්. රන් මිල ගණන් ඉහළ යාමත්, පාරිභෝගික අඩුවීමත් සමග මේ දිනවල විකුණුම් අඩුවෙලා තියෙනවා. පාරිභෝගිකයන්ගේ ජීවන වියදම ඉහළ යාම හා පවතින ආර්ථික තත්වය මත අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයෝ යොමු වෙලා තියෙනවා. 


බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
ලෝක වෙළෙඳපොළේ රත්‍තරන් මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවේ රත්‍තරන් වෙළෙඳ ව්‍යාපාරය නව අභියෝගවලට මුහුණදීමට සිදුවෙලා තියෙනවා. බිස්නස් අඩුවීමට බලපෑ මූලිකම හේතුව වුණේ පසුගිය දිනවල රත්තරන්වල මිල ඉහළ යාම. මේ නිසා අනෙක් දිනවලට සාපේක්ෂව පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් තියෙනවා. එකවර රන් මිල නැවත අඩු වුණා. දැන් කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 335000 ක් වගේ වෙනවා. මිල අඩු වීමත් සමග පාරිභෝගිකයන්ගේ පැමිණීම යම් වැඩිවීමක් තියනවා. ඉදිරියේදී රත්තරන් මිල මොන තත්වයක තියෙයිද කියල හරියටම කියන්න බෑ. ඒක තීරණය කරන්නෙ ජාත්‍යන්තරය. ඕක තමයි මේ දිනවල බිස්නස්වල තත්වය.


දිලිනි උදේශිකා 
ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

රත්‍තරන් ව්‍යාපාරය නව අභියෝගවලට මුහුණදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site