IMG-LOGO

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා


රේණුකා ෆුඩ් සමාගම කොටස් අතුරු බෙදීමක

  • ප්‍රකාශිත ප්‍රාග්ධනයට බලපෑමක් නොවන ලෙස සිදු කරන බව පවසයි 

රේණුකා සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේණුකා ෆුඩ් පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් අතුරු බෙදීමක් සඳහා යෝජනා කර ඇතැයි පවසයි. ඒ අනුව සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් එවැනි කොටස් 2ක් ලෙසත්, සෑම නිෂ්ඡන්ද කොටසක්ම තවත් එවැනි කොටස් දෙකක් ලෙසත් බෙදීම සිදුවන බව සමාගම පවසයි. 

මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම සමාගම මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 180,005,317 කොටස් 360,010,634ක් දක්වා ඉහළ යයි. එසේම නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 7,306,800 ක සිට කොටස් 14,613,600ක් දක්වා ඉහළ යයි. මෙහිදී සමාගමෙහි දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනයට බලපෑමක් නොවී එම කොටස් අතුරු බෙදීම සිදු කරන බව ද සමාගම පවසයි. 

මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි. 



අදහස් (0)

රේණුකා ෆුඩ් සමාගම කොටස් අතුරු බෙදීමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site