IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රජය රුපියල් ට්‍රිලියන 1.1 ක් රාජ්‍ය බැංකුවල තැන්පත් කරලා

එම මුදලින් සියයට 80.7 ක් රාජ්‍ය බැංකුවල තැන්පත් කර ඇත්තේ වසරකදී කල් පිරෙන ආකාරයට
ඉතිරි සියයට 19.3 ක ප්‍රතිශතය අවශ්‍යතාව අනුව තැන්පත් කරලා
එම තැන්පතු සඳහා වන පොලී අනුපාත පිළිබඳව වාර්තාවේ සඳහනක් නෑ


විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට රජය රුපියල් ට්‍රිලියන 1.1 ක මුදලක් රාජ්‍ය බැංකුවල තැන්පත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ මෙරට මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ නවතම වාර්තාවේ සඳහන් වේ.
එලෙස තැන්පත් කර ඇති රුපියල් ට්‍රිලියන 1.1 ක මුදලින් සියයට 80.7 ක් රජය, රාජ්‍ය බැංකුවල තැන්පත් කර ඇත්තේ වසරකදී කල් පිරෙන ආකාරයට බව එම වාර්තාවේ දැක්වේ. ඉතිරි සියයට 19.3 ක ප්‍රතිශතය අවශ්‍යතාව අනුව තැන්පත් කර තිබෙන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
රජය එලෙස රාජ්‍ය බැංකුවල තැන්පත් කර ඇති රුපියල් ට්‍රිලියන 1.1 ක මුදලින් රාජ්‍ය බැංකුවලට සැලකිය යුතු අරමුදල් පදනමක්ද ලැබුණත් සාර්ව ආර්ථික තත්වය හේතුවෙන් එම මුදල රජයට හදිසියේ නැවත ලබාගැනීමට සිදුවුවහොත් ඉන් බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතා අවදානමක් ඇති විය හැක. කෙසේ නමුත් එම තැන්පතු සඳහා වන පොලී අනුපාත පිළිබඳව එම වාර්තාවේ සඳහනක් නොමැත.

 



අදහස් (0)

රජය රුපියල් ට්‍රිලියන 1.1 ක් රාජ්‍ය බැංකුවල තැන්පත් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site