එම ව්‍යවසායවල සමස්ත මෙහෙයුම් අලාබය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 ක්
එම රාජ්‍ය ව්‍යවසායවලින් සැලකිය යුතු ප්‍රමාණයක ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යූහගත කිරීම් මේ වනවිට සිදුකරලා
ලාබ ලැබූ මූල්‍යමය නොවන රාජ්‍ය ව්‍යවසාය ගණන 28 ක්
මූල්‍ය අංශයේ රාජ්‍ය ව්‍යවසාය 11ට බැංකු 6ක්, රක්ෂණකරුවන් 4ක් සහ එක් අරමුදලක් අයත්
වාර්ෂික අයවැයෙන් මූල්‍යමය නොව රාජ්‍ය ව්‍යවසාය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.4ත් 0.5ත් අතර ප්‍රමාණයක සහායක්
විමුක්ති එස් රුද්‍රිගු
රජය සතු ප්‍රධාන වශයෙන් ව්‍යවසාය 52න් 41ක් රාජ්‍ය සතු මූල්‍යමය නොවන ව්‍යවසාය බවත් ඉතිරි ව්‍යවසාය 11 මූල්‍ය අංශයේ ඒවා බවත් මුදල් අමාත්‍යංශයේ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.
මෙරට රජය සතු මූල්‍යමය නොවන ව්‍යවසාය 41 ක් 2020 සිට 2022 වසර දක්වා අඛණ්ඩව පාඩු ලබා ඇති බවත් එම ව්‍යවසායවල සමස්ත මෙහෙයුම් අලාබය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 ක් වූ බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ සඳහන් වේ.
එම රාජ්‍ය ව්‍යවසායවලින් සැලකිය යුතු ප්‍රමාණයක ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යූහගත කිරීම් මේ වනවිට සිදුකර ඇති බවත් 2023 සහ 2024 වසරවලදී රාජ්‍ය ව්‍යවසාය අංශය සමස්තයක් ලෙස ලාබදායිත්වයට නැවත පැමිණ ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මූල්‍යමය නොවන රාජ්‍ය ව්‍යවසාය 41න් 2023 වසරේදී ව්‍යවසාය 13 ක් පාඩු ලබා ඇති බවත් පසුගිය වසරේ ව්‍යවසාය 17 ක් පාඩු ලබා ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එහිදී 2023 වසරේ ලාබ ලැබූ මූල්‍යමය නොවන රාජ්‍ය ව්‍යවසාය ගණන 28 ක් බවත් පසුගිය වසරේ ලාබ ලැබූ මූල්‍යමය නොවන රාජ්‍ය ව්‍යවසාය ගණන 24 ක් බවත් එහි දැක්වේ. පසුගිය වසර පහ තුළ මෙම අංශයට සැලකිය යුතු සහායක් වාර්ෂික අයවැයෙන් ලබාදී තිබෙන බවද එහි සඳහන් වේ. කෙසේ නමුත් එම කාලය තුළ මූල්‍ය අංශයේ රාජ්‍ය ව්‍යවසාය 11ක් ලාබ ලබා ඇති බවත් පසුගිය වසරේදී ඉන් එක් ආයතනයක් පමණක් පාඩු ලබා ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
මූල්‍ය අංශයේ රාජ්‍ය ව්‍යවසාය 11ට බැංකු 6ක්, රක්ෂණකරුවන් 4ක් සහ එක් අරමුදලක් අයත් වන බවද එහි සඳහන් වේ.
වාර්ෂික අයවැයෙන් මූල්‍යමය නොව රාජ්‍ය ව්‍යවසාය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.4ත් 0.5ත් අතර ප්‍රමාණයක සහායක් ලබාදී තිබෙන බවත් 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ක සහායක් එම ව්‍යවසායවලට ලබාදී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයත් රාජ්‍ය ව්‍යවසායන්ට දුෂ්කර කාලයක් ඇතිවූ නමුත් සමස්තයක් ලෙස ඒවායේ අවදානම අඩුවෙමින් පවතින බවත් කෙසේ නමුත් තවමත් ඉහළ අවදානමක් තිබෙන ව්‍යවසායන් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙන බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දැක්විණි.
එම ව්‍යවසාය සඳහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යූහගත කිරීම් අවශ්‍ය බවද එහි දැක්වේ. අනාගතයේදී නිකුත් කිරීමට නියමිත මූල්‍ය අවදානම් පිළිබඳ ප්‍රකාශයන්හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය ව්‍යවසායන්හි කාර්ය සාධනය මැන බලන මෙවලම භාවිත කරමින් මූල්‍යමය නොවන අංශයේ වූ රාජ්‍ය ව්‍යවසාය 41 හි මූල්‍ය ශක්‍යතාව සහ අවදානම් විශ්ලේෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට රජය අදහස් කර සිටින බවද එහි දැක්වේ.
මෙමගින් එක් එක් ආයතනයට අවදානම් ශ්‍රේණිගත කිරීමක් ලබාදීමට මෙන්ම රාජ්‍ය ව්‍යවසායවල මූල්‍ය ස්ථාවරත්වය කාලයත් සමග ගොඩ නැගීමට ඉඩ සැලසෙන බවද එහි සඳහන් වේ.
රාජ්‍ය මූල්‍යමය නොවන ව්‍යවසාය 41 ක් 2020-2022 දක්වා අඛණ්ඩව පාඩු ලබලා